ඔබ වෙති රජිඳෝ
මහිමෙන් සැරැසී ගත්තෝ
යස කිත් සිරියෙන් සමිඳෝ
තමන් මැ පොරවා ගත්තෝ
ගත්හ තමන් ඉඟටි වෙලා
ඔවුන් වහන්සේ
තෙද බලේ පැ පෑ

පුන ගැයුම :
රජිඳෝ – රජිඳෝ
වෙති හිමිපාණෝ – ආලේලූයියා

ඔබ අටවා ලු
දෙරණත් තැබූහ තිරවා
එදැ නොසැලේ රජසුනො’බේ
පෙරැ සිටැ නොසිදැ පවත්නේ
සියලු සදා කල් තිස්සේ
අහෝ සමිඳුනේ
ඔබ වැඩැ ඉන්නෝ

වතුර දිය බලේ
ගෝසා ඔබා සිටින්නෝ
හෝ ගා නැගෙනා මුහුදේ
මොර හඬ පැටි කොටැ ලන්නේ
ඉහළ ඔබේ තෙද මහිමේ
හිමිපා සඳුනේ
සමිදරුවානේ

දහම් නිය ඔබේ
ඇත්තෙන් ඇදැහියැ යුත්තේ
හේළි බැවින් නිවහනො’බේ
නිසි ලෙසැ සැදී පවත්නේ
මෙකප ගෙවී නොයන තුරා
බලනු හිමි සඳේ
ඒ පවතින්නේ

මේ හා සම්බන්ධ වෙනත් ලිපි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *