මලක සුවඳ මසිත තුළට දෙන්න සමිඳුනේ
මලක මෙලෙක මහද තුළට දෙන්න දෙවිඳුනේ
එව්ට මලක මෙලෙක සමඟ සුවඳ සුදු බවේ
ඔබට පුදම් මහද සමඟ ම’සිත පඬුරු සේ

දෙව් පියාණනේ දෙව් පියාණනේ
අපගෙ පඬුරු බාර ගන්න, දෙව් පියාණනේ

පුපය මේදියුෂ සමගින ඔබට පිදෙන සේ
මගෙ ගතසිත සමිඳුනි ඔබ නමට පුදන්නේ
පිදෙන පඬුරු දෙව්පුතු සිරුරට හැරෙන ලෙසේ
අසරණ අපවත් පිරිසිදු කරන්න සඳේ

හිරුද තරුද සඳුද මුතු මැණික් ද මුලු ලොවේ
රැගෙන ගියද ඔබට දෙන්න මදිය දෙවිඳුනේ
දනිති ඔබම මහට දෙන්න හැකි දෙය සමිඳේ
බාර ගන්න මගේ දිළිඳු පඬුර දෙව්යනේ

මේ හා සම්බන්ධ වෙනත් ලිපි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *