අහස පොළොව සිවුපාවුන් ගස් කොලන් මවා
එතුමන්ගේ මහිමෙ නිසා මිනිසා මැව්වා
එතුමන් වඳිමු- එතුමන් ගයමු
රස වදනින් එතුමන් හට අපි ගී ගයමු

පුන ගැයුම
එන්න එන්න ඇතුළු වන්න සමිඳු මැදුරටා
ගී ගයමින් එතුමන්ගේ මහිමය උදෙසා

මිනිසා පව් කරන වගක් දැනගෙන සිටියා
ජේසු එයින් එවන බවක් පිළිබිඹු කරලා
සමිඳුන් ගයමු – සමිඳුන් වනමු
සමිඳු අපට එව්ව එතුම බැතියෙන් වඳිමු

කුරුසේ යාගයෙන් අපව පවින් ගලවලා
සදා සැපත නැවත අපට හිමි කර දුන්නා
එතුමන් ගයමු – එතුමන් පුදමු
එම යාගය නැවත පුදමු අපි සැම බැතියෙන්

මේ හා සම්බන්ධ වෙනත් ලිපි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *