maha santhiyago aposthalu thuman

ශු. මහා සන්තියාගො අපෝස්තුළු තුමන්

ශු. මහා සන්තියාගු මුනිතුමා (ජේම්ස් / ජාකොබ් අපෝස්තුළුවරයාණන්)

මහ ජාකොබ් සහ කුඩා ජාකොබ් වශයෙන් දෙදෙනෙක් ඇත. ජාකොබ් යන්න සන්තියාගු, ජේම්ස් යනුවෙන් ද හැදින්වේ. මහ ජාකොබ් යනුවෙන් හැදින්වෙන්නේ ජුවාම්තුමාගේ සහෝදරයාය. ජේසුගේ විශේෂ අපොස්තුලුවරු තිදෙනා අතර එතුමා ද විය.

එසේ විශේෂයයි කිවේ මෙම තිදෙනාව පමණක් ජයිරැස්ගේ දුව, පේදුරුගේ නැන්දනිය සුවකරන විට, සහ අන්වෙසක් ගැනීමේ මොහොතට සහ මල් උයනට කැඳවාගෙන ගිය නිසාය.

වරක් සමරිතානු වරුන් ජේසුස් වහන්සේව පිළිනොගත් මොහොතක, ගින්නෙන් ඔවුන් විනාශ කරන ලෙස ජාකොබ් සහ ජෝන් සොයුරන් කී විට “ගර්ජනාවේ පුත්‍රයිනි” මනුෂ්‍ය පුත්‍රයා පැමිණීයේ විනාශ කරන්නට නොව ගලවා ගැනිමටය යි කීහ. (ලුක් 9:54)

වරක් ඔවුන් දෙදෙනාගේ මව ඒ දෙදෙනාවම උන්වහන්සේගේ දකුණු පස හා වම් පස තබාගන්නට ඉල්ලු විට එම කාර්යය තමාට නොව පියාණන් වහන්සේට පැවරි ඇති බව ජේසු ප්‍රකාශ කළේය.

සෙබදි ජාකොබ් සහ ජුවාම්ගේ පියාය. ධිවරයන් ලෙස ගලීල මුහුදේ රැකියාව කළහ. (ලුක්: 5:10-11) බෙත්සයිදා ඔවුන්ගේ ග්‍රාමය විය. පේදුරු සහ ඇන්ඩෲ ගෘහයන්ද එහිම විය. ජේසුව ගෙත්සමනියේ දී අල්ලාගත් කළ ජාකොබ් තුමා පලාගොස් සැඟවිනි.

එතුමා අන් අපොස්තුලුවරුන් සමඟ පාස්කු දින උඩු මහලේ සිටින විට උත්ථාන වු ස්වාමීන් වහන්සේ දර්ශනය වු සේක. ගලීලය මුහුදු තීරයේ දී ද ජේසුතුමා ඔවුනට දර්ශනය වු සේක. ජේසුතුමා සිටිමින් සාක්ෂි දැරූහ. පෙන්තකොස්ත දින ශුද්ධාත්ම මංගල්‍ය දින දෙව්මව් සහ අනෙක් අය සමඟ උඩු මහලේ ජාකොබ් තුමාද සිටියහ.

ජනප්‍රවාදයට අනුව ජාකොබ් තුමා ශුද්ධාත්මගමනයට පසුව ජුදයාවේ හා සමරියාවේ සුවිශේෂය දේශනා කිරිමට ගොස් ඇත. එතුමා ජෙරුසලමේ නොසිටියද හෙරොද් අග්‍රිපාගේ කිතුණු පීඩන සමයේදී ඔහුගේ අණපිට මහ ජාකොබ් තුමාගේ හිස ගසා මරණ ලදී. එතුමා පළමු ප්‍රාණපරිත්‍යාගී වු අපෝස්තුළුවරයා විය.

ජනප්‍රවාදයට අනුව එතුමාව මරණයට ගෙනයන විට හංදි හා මාංශපේශී කැක්කුමෙන් පීඩා විඳිම නිසා කොරවු මිනිසකු එතුමන්ගෙන් සුවය පතා අයැදු විට “මාගේ ප්‍රාණපරිත්‍යාගිවීම සඳහා හේතු වු ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් නැගිටින්න. මැවුම්කරැවාණන් පසසන්න.” කියත්ම සුවපත් වී රෝගියා දෙවියන්වහන්සේට ප්‍රශංසා කළේය.

මෙතුමා පිළිබඳව තවත් සැක සහිත ජනප්‍රවාදයක් වන්නේ එතුමා ධර්ම ප්‍රචාරය සඳහා ගොස් එහි මියගිය බවයි. තෙලෙඩො හී රදගුරු සා. ජුලියන් තුමා (690 මිය ගියා) අපෝස්තුළුවරැන්ගේ සියලුම ගමන් ගැන සඳහන් කර ඇතත් ජාකොබ් තුමා ස්පාඤ්ඤයේ ධර්ම ප්‍රචාරය කළ බවක් සඳහන් කර නොමැත.

මුල් කිතුණුවන් එතුමන්ගේ ශු. ධාතු ගෙන ගොස් ස්පාඤ්ඤයේ කොම්පොස්තෙලා හී කිතුණු සොහොන් බිමේ, සා. ජේමිස් වන්දනා ස්ථානයේ තබන්නට ඇතැයි සිතිය හැකිය. එම ස්ථානයේ බොහෝ සාන්තුවරයන්ගේ ශුද්ධ වු ධාතුද ඇතැයි සිතිය හැකිය.

සා. ජාකොබ් තුමාව තුන් ආකාරයට චිත්‍ර වලට නගා ඇත. එනම්;

  1. අපෝස්තුළුවරයෙකු ලෙස.
  2. ⁠වන්දනාකරුවෙකු ලෙස.
  3. ⁠මුස්ලිම්වරුන්ගේ ආක්‍රමණයෙන් මුදවා ගැනීමට අශ්වයා මත පැමිණි හේවායකු ලෙස.
ශු. මහා සන්තියාගො අපෝස්තුළු තුමන්
ශු. මහා සන්තියාගො අපෝස්තුළු තුමන්

සන්තියාගු හෙවත් ශු. ජේමිස් මුනිදුන් හංදි හා මාංශපේෂී කැක්කුම් සඳහා අරක්ගත් සාන්තුවරයාණන් ලෙස ශුද්ධ වු සභාව නම් කර ඇත. මෙතුමන් සිහිපත් කරමින් ශුද්ධ වු සභාව මංගල්‍යය සමරනු ලබන්නේ ජුලි 25 වන දිනයේය.

අප ලක්බිම තුළ මෙතුමන්ට කැප කර ඇති දෙව්මැදුරැ අතරින් මෝදර, මඩම්පැල්ල සහ ගුරැනගර් විශේෂිත වේ.

මේ හා සම්බන්ධ වෙනත් ලිපි