jude thadewus aposthuluthuma

ජූඩ් හෙවත් ජුද් යන නාමය ග්‍රීක බසින් Ἰούδας Ἰακώβου හෝ Ioúdas Iakóbou සිරියානු අර්මේක් බසින් ܝܗܘܕܐ යනු ජේසුස් වහන්සේගේ දොළොස් දෙනාගෙන් කෙනෙකු ලෙස හදුන්වා දී ඇත.

එතුමන්ව සාමාන්‍යයෙන් හඳුනාගනු ලබන්නේ Thaddeus (ග්‍රීක: Θαδδαῖος; ආර්මේනියානු: Թադեոս; කොප්ටික්: ⲑⲁⲇⲇⲉⲟⲥ) සහ විවිධ ලෙසින් ජූදාස් තද්දේයස්, ජූඩ් තඩ්බේස්, ජූඩ් තඩ්බේස් ලෙසද හැඳින්වේ.

එතුමන්ව සමහර අවස්ථා වලදී ජේසුස් වහන්සේගේ සහෝදරයා වන ජූද් ලෙසද හඳුනාගෙන ඇත. ජේසුස් වහන්සේව පාවා දුන් ගෝලයා වූ ජූදස් ඉස්කාරියොත්ගෙන් පැහැදිලිවම වෙන්කර හඳුනාගත හැකිය.

කතෝලික ලේඛක Michal Hunt යෝජනා කරන්නේ Judas Thaddaeus ජූද් හෙවත් ජූඩ් ලෙස හඳුන්වනු ලැබුවේ ග්‍රීක භාෂාවෙන් ඉංග්‍රීසි භාෂාවට නව ගිවිසුමේ මුල් පරිවර්තකයන් එතුමන්ව Judas Iscariot ගෙන් වෙන්කර හඳුනා ගැනීමට උත්සාහ කළ පසුව එතුමන්ගේ පෙර නාමය කෙටි කිරීමෙන් පසුව බවයි.

ඉංග්‍රීසි සහ ප්‍රංශ හැර වෙනත් භාෂාවලින් එන නව ගිවිසුමේ බොහෝ අනුවාදවල ජුදාස් සහ ජූඩ් යන නමම සඳහන් වේ. ආර්මේනියානු සභාව එහි අනුශාසක සාන්තුවරයන් ලෙස ශා. බර්තොලමියුස් අපොස්තුළුවරයාණන්ට සහ ශු. ජූඩ් තදේවුස් අපොස්තුළුවරයාණන්ට ගෞරව කරයි.

කතෝලික සභාව තුළ එතුමෝ මංමුලා සහගත නඩු සහ නැතිවූ හේතු වල අනුශාසක සාන්තුවරයා යන විරුදාවලියෙන් පිදේ. ශු. ජූඩ් තදේවුස් අපොස්තුළුවරයාණන් සාමාන්‍යයෙන් නිරූපණය කරන්නේ මුගුරක් සමඟිනි.

එතුමෝ බොහෝ විට එතුමන්ගේ හිස වටා දැල්ලක් සහිත ත්‍රිමාණ වල ද දැක්වේ. පෙන්තකොස්ත දිනයේදී එතුමන් අනෙකුත් අපොස්තුළුවරුන් සමඟ ශුද්ධාත්මයාණන් ලැබූ විට මෙය නියෝජනය කරයි.

තවත් පොදු ලක්ෂණයක් වන්නේ එඩේස්සාගේ රූපය ලෙස හැඳින්වෙන ශු. ජූඩ් තදේවුස් අපොස්තුළුවරයාණන් ජේසුස් වහන්සේගේ රූපයක් අල්ලාගෙන සිටීමයි. සමහර අවස්ථාවලදී, එතුමෝ ලියවිල්ලක් හෝ පොතක් (ජූද්ගේ ලිපියක්) හෝ වඩු උපකරණයක් අතැතිව පෙන්විය හැක.

ශු. ජූඩ් තදේවුස් අපොස්තුළුවරයාණන් සාමාන්‍යයෙන් නිරූපණය කරන්නේ මුගුරක් සමඟිනි.
ශු. ජූඩ් තදේවුස් අපොස්තුළුවරයාණන් සාමාන්‍යයෙන් නිරූපණය කරන්නේ මුගුරක් සමඟිනි.

ශු. ජූඩ් තදේවුස් අපොස්තුළුවරයාණෝ ක්ලෝපාස්ගේ පුත්‍රයෙකු වූ අතර එතුමන්ගේ මව වූ මරියා මරියෝත්තමාවන්ගේ ඥාති සොහොයුරිය බව බයිබල් විශාරදයෝ පෙන්වා දෙති.

එතුමෝ ජුදයේ, සමාරිය, ඉදුමිය, සිරියාව, මෙසපොතේමියාව සහ ලිබියාව යන රටවල ශුභාරංචිය දේශනා කළ බව සභා ලේඛකයන් අපට පවසන අතර, එවූසේබියස්තුමන් පවසන පරිදි, එතුමෝ ක්‍රි.ව. 62 වර්ෂයේදී නැවත ජෙරුසලමට පැමිණි අතර, එතුමන්ගේ සොහොයුරා වන ශා. සිමියොන් ජෙරුසලමේ රදගුරු ලෙස තේරී පත්වීමට සහාය වූ බවද සදහන් කර ඇත.

මෙතුමෝ බේරූට් සහ එඩෙස්සා වෙත ගොස් පර්සියාවේ ශා. සිමොන්තුමන් සමඟ ප්‍රාණපරිත්‍යාගි වූ බව ජනප්‍රවාදයේ සඳහන් වේ. තවද ඇතැම් පුරාවෘත වල සදහන් ප්‍රකාර එතුමෝ සිමෝනියානුවන්, නිකොලයිට්වරුන් සහ ඥානවාදීන්ගේ මිථ්‍යාදෘෂ්ටීන්ට එරෙහිව යොමු කරන ලද පෙරදිග සභා වලට, විශේෂයෙන් ජුදෙව් ආගමට හැරවූවන්ට ලිපි (ලිපියක්) කතුවරයා ලෙස හැදින්වේ.

ශා. ග්‍රෙගරි ද ඉලුමිනේටර් “ආමේනියානුවන්ගේ අපොස්තුළුවරයා” ලෙස නම් කර ඇතත්, ජූඩ් සහ බර්තොලමෙව් අපොස්තුළුවරුන් ආර්මේනියාවට ක්‍රිස්තියානි ධර්මය ගෙන ආ බවට විශ්වාස කෙරෙන අතර, ජූඩ් පසුව දිවි පිදූ බවට පුරාවෘත පවතී.

බොහෝ බයිබල් විශාරදයන් මෙතුමන් ප්‍රාණපරිත්‍යාග කළ බව පිළිගන්නා නමුත් මෙතුමෝ මිය ගියේ කොතැනද? යන්න පිළිබඳව යම් විවාදයක් පවතී. මෙතුමෝ ආර්මේනියාවේදී හෝ බේරූට්හිදී දිවි පිදූ බවට විශ්වාස කෙරේ.

එතුමන්ගේ මරණයෙන් පසු එතුමන්ගේ දේහය රෝමයට ගෙනවිත් ශු. පේදුරු අපෝස්තුළුතුමන්ගේ අස්ථි තැබූ ස්ථානයට යාබදව තැබූ බව සදහන් වන අතර, අද එම අස්ථි ධාතු වතිකාන බැසිලිකාවේ ප්‍රධාන පූජාසනය අභ්‍යන්තර ශා.

පීතර බැසිලිකාවේ වම් කොටසේ ශු. සිමොන් අපෝස්තුළුතුමන්ගේ අස්ථි ධාතු සමඟ සොහොනක තැම්පත් කර ඇති බව විශ්වාස කෙරේ.

සාන්තුවරයන්ට ගරු කරන සියලුම ක්‍රිස්තියානි නිකායන් සහ බලාපොරොත්තු සුන් වුවන්ගේ යැදුම් මධ්‍යස්ථක මුනිවරයාණන් ලෙස ආදර භක්තියෙන් පිදෙන ශු. ජූඩ් තදේවුස් අපොස්තුළුවරයාණන්ගේ භක්තිය මෙරට සුපතල භක්තියක් වී ඇත. මෙම භක්තිය මෙරට තුළ 20 වන සියවසේදී ආරම්භ වූ බවට සාධක ඇත.

එහි පුරෝගාමීන් ලෙස ක්‍රියාකර ඇත්තේ ගෞ. පිලිප් දිසානායක (නි.ම.නි.) පූජාප්‍රසාදිතුමන් සහ කාර්මෙල් නිකායික තාපසවරුන් විසිනි. එතුමන්ලා විසින් ශු. ජූඩ් තදේවුස් අපොස්තුළුවරයාණන්ගේ භක්තිය උදෙසා මෙරට ස්ථාපනය කරන ලද පළමු දේවස්ථානය වූයේ ගම්පහ ඉදිගොල්ල වේ.

1952 වසරේදී ගම්පහ ඉඳිගොල්ල නම් ග්‍රාමයේ පොල් රුප්පාවකින් සහ හරිත පැහැගත් වෘක්ෂලතාවන්ගෙන් යුතු නිසංසල පරිසරයක පිහිටි මෙම පුදබිම කතෝලිකයන්ගේ පමණක් නොව අන්‍යාගාමිකයන්ගේ පවා බුහුමනට පාත්‍රව ඇති පුදබිමකි.

විශේෂයෙන් සෑම මසකම පළමු බ්‍රහස්පතින්දා දින දිවයිනේ දස දෙසින් ශු. ජූඩ් තදේවුස් අපොස්තුළුවරයාණන්ගේ පිහිට පතා මේ සිද්ධස්ථානය කරා පැමිණීම පුරුද්දක් කරගෙන සිටිති. කාර්මෙල් නිකායික තාපසවරුන් පසුකාලීනව මෙහි නික්ම යෑමත් සමගම පදවි පුජාප්‍රසාදීවරුන් විසින් මෙහි සේවයට පැමිණෙන ලදී.

අති උතුම් තෝමස් කාදිනල් කුරේ (නි.ම.නි.) හිමිපාණන් මේ සිද්ධස්ථානයේ සේවය සදහා සිදුකරන ලද මෙහෙවර අති මහත්ය. 2002දී ඉඳිගොල්ල සිද්ධස්ථානයට තවත් විශේෂ වරප්‍රසාදයක් ලෙස අභිනව දේවස්ථානයක් ද ඉදිවිය.

පසුකාලීනව ලක්දිව පුරා සුපතළ වූ මෙම භක්තිය විශේෂයෙන් බ්‍රහස්පතින්දා දිනවල එතුමන්ගේ ගෞරවය පිණිස පැවැත්වෙන නුවානය මුල්කරගෙන ව්‍යාප්ත වූ බව කිව යුතුමය.

ශු. ජූඩ් තදේවුස් අපොස්තුළුවරයාණන් නමින් ලක්දිව කැපකර ඇති දේවස්ථාන

කොළඹ අගරදගුරු වසම

  • ඉඳිගොල්ල
  • මත්තේගොඩ
  • හල්කඳවිල
  • වැලිසර
  • කඩුගොඩ
  • තුඩුවේ ගෙදර
  • වැල්ලබඩ
  • කීනවින්න
  • දළුවකොටුව
  • ගල්වල සහ
  • තලාදුව
ඉදිගොල්ල් ශා. ජූඩ් මුනිඳුන්ගේ දේවස්ථානය
ඉදිගොල්ල් ශා. ජූඩ් මුනිඳුන්ගේ දේවස්ථානය
තුඩුවේගෙදර ශා. ජූඩ් මුනිඳුන්ගේ දේවස්ථානය
තුඩුවේගෙදර ශා. ජූඩ් මුනිඳුන්ගේ දේවස්ථානය

යාපනය රදගුරු වසම

  • ඉලවාලෙයි
  • කඩ්ඩුඩායි
  • නෙල්ලියන්
  • උරුතිරපුරම්
  • පාලාවී
  • පාලිකුඩා
  • කල්මුණේ
  • නායාරුල
  • සෙල්වපුරම් සහ
  • උද්‍යාර්කාඩු

මහනුවර රදගුරු වසම

  • කෙලිවත්ත
  • ආගරපතන සහ
  • ගලේවෙල

ත්‍රිකුණාමලය රදගුරු වසම

  • ලිංගනගර් සහ
  • සෝමපුර

හලාවත රදගුරු වසම

  • දැදුරු ඔය
  • පොතුවිල
  • මුතුපන්තිය
  • ආණමඩුව
  • විල්පොත
  • වනාතවිල්ලුව
  • ඉහළ කටුනේරිය සහ
  • දුන්කන්නාව
කටුනේරිය ශා. ජූඩ් මුනිඳුන්ගේ දේවස්ථානය
කටුනේරිය ශා. ජූඩ් මුනිඳුන්ගේ දේවස්ථානය

බදුල්ල රදගුරු වසම

  • පස්සර

මන්නාරම රදගුරු වසම

  • ඉරණයිලුප්පකුලම්
  • වන්කාලෙයි
  • සාන්තිපුරම්
  • කයාක්කුලි
  • ඉරඩ්ඩායිකුලම්
  • මඩුකුලම් සහ
  • මැණින් ගොවිපල

අනුරාධපුර රදගුරු වසම

  • අශෝකපුර සහ
  • තලාව

කුරුණෑගල රදගුරු වසම

  • ගලේවැව සහ
  • හැඟව

රත්නපුර රදගුරු වසම

  • හට්බෑවත්ත

මඩකලපුව රදගුරු වසම

  • තේතාතිව්

අසේල දසනායක

මේ හා සම්බන්ධ වෙනත් ලිපි

One Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *