කැකුලේ පතුලේ පිණි බිඳු පිරෙනාසේ
වන මී වදයේ පැණි බිඳු පිරෙනාසේ
වසිනා ජලයෙන් විල් පිරෙනාසේ
ඔබ මා පුරවනු මැනවී
කැකුලේ පතුලේ

මුහුදේ රැලි වැල් ගල්පර වටලනසේ
පවන් නළ වැල් විහඟා වටලනසේ
මවගේ දොහොතේ අප වටලනසේ
ඔබ මා වටලනු මැනවී
මුහුදේ රැලි වැල්

කණිකා මැණිකේ හද විනිවිද යනසේ
මිහිරේ දහරා හද විනිවිද යනසේ
තරු පායා දිය විනිවිද යනසේ
මා විනිවිද යනු මැනවී
කණිකා මැණිකේ

දියවැල් දහරා නදියට එක්වනසේ
නදියේ දහරා මුහුදට එක්වනසේ
නලවැල් නල වැලකට එක්වනසේ
ඔබ මා එක් කළ මැනවි
දියවැල් දහරා

මේ හා සම්බන්ධ වෙනත් ලිපි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *