පුන ගැයුම
හදබැති තුති මල් පොකුරු තිළිණ කොට
පුදදෙමු ඔබ හට දෙවි සමිඳේ
මෙතෙක් ගෙවී ගිය අපේ දිවිය තුළ //
ලැබූ දීමනා සමරමිනේ

ඔබේ වචනයෙන් ඔබේම දහමෙන්
අපේ දිවිය සරු වී වැඩුණේ //
ඔබේ බැල්ම තුළ රැකවරණය තුළ
අපේ ගමන නිසි මං ගැනුණේ //

නිමක් නොමැති ආදර කරුණාවේ
උණුසුම ඔබගෙන් අප ලැබුවේ //
සොයුරු පෙමේ රන් දමින් වෙළෙන්නට
දෙන්නැ වරම් නිරතුරු සමිඳේ //

මිනිස් ශ්‍රමය පිළිබිඹු කර දක්වන
පූපය මිදියුෂ ඔබට පිදේ //
නව ජීවනයට අප ඔසොවන්නට
දිවමන් සමිඳුන් සිරුර ලැබේ //

මේ හා සම්බන්ධ වෙනත් ලිපි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *