දෑත වෙහෙසා හෙලූ දහඩිය ඔබට කැප කරලා
රෑද නිදි නොබලා මහන්සිය නොතකා
ඔබට පුදනට පඬුරු ගෙන එමි සතුට පිරි හදිනා
පඬුරු ගෙන එමු සතුටු හදිනා
දෙමාපිය හිත මිතුරු සැම හා //
ශ්රමය යොදලා දිරිය වඩලා //
පුදමු අප සතු සැම දේ ඔබටා
පූපෙ ඔබ සිරිකයට හරවා
මිදිරසේ සිරි රුධිරේ පොඟවා //
සමිඳේ ආදර එන්න මා හා //
එහැර මට නැත කිසිත් සැපතා
මෙහෙල නිජබිම රකින සමිඳේ
අපගේ ආදර ත්රිඑක සුරිඳේ //
සුහද සමිඳේ පෙමැති දෙවිඳේ //
මුදනු මැන අප පවින් නපුරේ