114. මගෙ ආදර හැම හැඟුම ම මිණිකැට කරවා

|

මගෙ ආදර හැම හැඟුම ම මිණිකැට කරවා
හැඩ වැඩ කල රන් තැටියක් ඉන් ගෙන පුරවා
මහ මුහුදේ රැළි පතුලේ මුතු කැට ගරවා
ඔබ පුදනෙමු මේ හැම රන් කොතකට හරවා

අප සතු හැම දේ ඔබ සතු වේවා
ඔබ සතු හැම දේ අප සතු වේවා

ගැයුමෙන් එන බැති මතුවන ගී වැල් මාලා
වැයුමෙන් එන සිත රසවන ඉමිහිරි ලීලා
කවියෙන් එන සිත කකියන ආදර පාලා
ඔබ නමදිමු මේ හැම දේ බිළිකොට දීලා

මේ හා සම්බන්ධ වෙනත් ලිපි