පුන ගැයුම :
යාග පඬුර තිළිණයේ
පිදෙයි බඳුන තුති ගොසේ

දුකකි මහත් විඳිනෙමී කියන සඳ පවා
කීවේ දනන් නොපතමී සමිඳු ඇදහිමී

කෙසේ පුදමි තුති පැතුම් කුලුණු සයුරෙනී
නගමි බඳුන ගැලවුමේ දේව නාමයේ

ගිවිසි ලෙසම ඉටු කරම් දනන් ඉදිරියේ
මරණ මොහොත සැමගෙ සැදෑ දෙවිඳු අගය වේ

මුදනු මැනව සියලු බැමින් ඔබගේ දසුවෙමී
පුදන යාගෙ තුති ගොසේ දේව නාමයේ

ගිවිස ලෙසම ඉටුකරම් දනන් ඉදිරියේ
දෙවිඳු මැදුරෙ ජෙරුසලෙමේ සැදෑ වන්නෙමී

මේ හා සම්බන්ධ වෙනත් ලිපි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *