ඔබ තෝරා ගත් ඔබගේ රජයේ
අපි රාජ්‍ය ජනතාව යි
ඔබ කැඳවා ලූ ඔබ සේවාවේ
අපි පූජක ජනතාව යි
ඔබෙන් වරම් ලද ඔබගේ වචනේ
අපි දිවැසියෙ ජනතාව යි

සියල් පැවැත්මෙහි පැවැත්මයාණෙනි
ඔබ ශ්‍රී නාමෙට හෝසන්නා
රජය ද බලය ද මහිමෙ ද ඔබගෙ යි
ඔබ ශ්‍රී නාමෙට හෝසන්නා
හෝසන්නා . . . හෝසන්නා . . . ///

විශ්ව විජය ලද විශ්ව සමිඳු සෙවණේ
විශ්වාසයෙ ජනතාව යි
අතින්ද්‍රීය කිතු සමිඳුගෙ සිරි සිරුරේ
අපි ප්‍රේමයෙ ජනතාව යි
සග දිවියෙන් බැඳි බලාපොරොත්තුවෙහි
අපි පෙර මග ජනතාව යි

සියල් පැවැත්මෙහි පැවැත්මයාණෙනි
ඔබ ශ්‍රී නාමෙට හෝසන්නා
රජය ද බලය ද මහිමෙ ද ඔබගෙ යි
ඔබ ශ්‍රී නාමෙට හෝසන්නා
හෝසන්නා . . . හෝසන්නා . . . //
හෝසන්නා . . . හෝසන්නා . . .

මේ හා සම්බන්ධ වෙනත් ලිපි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *