කලකට පෙර ඒ බෙත්ලෙහෙමේ
ශුද්ධ වූ නගරේ
ජේසූ මෙලොවට බිහිවුණේ
පුංචි ගව මඩුවේ //

උඳුවප් මාසේ සීතල දවසක මැදියම් රෑ යාමේ
දෙව් මව් තුරුලේ උණුසුම ලබමින් මේ ලෝකෙට ආවේ
සීත සුළං රැළි දසත හමද්දී සැතපීලයි උන්නේ
දුප්පත් එඬේරු මේ බව දැනගෙන ගවලෙන වෙත යන්නේ

මරිය තුමීගේ පෙම්බර මුහුණේ එළියක් දිස්වූයේ
ජුසේ තුමා කිසි දාකත් නෑ දෙවි අණකට පිටුපෑවේ
වටපිට රොක් වී උම්බෑ ගාමින් හරකුන් කෑ ගසතී
රජ තුන් කට්ටුව බිළිඳු ළඟ වැටී පඬුරු ඔප්පු කරතී

මිනිස් සමාජය පාපෙන් බේරා ගන්නට මෙහි ආවා
දිවස් වරුන් බොහෝ කලකට පෙර කී දේ ඉන් ඉටුවූවා

මේ හා සම්බන්ධ වෙනත් ලිපි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *