ශු. මහා ජාකොබ් අපෝස්තුලුවරයාගේ දෙව්මැදුරු

ශු. මහා ජාකොබ් අපෝස්තුලුවරයාගේ දෙව්මැදුරු

|

ජූලි 25 දින මංගල්ලය සැමරෙන ශු මහා ජාකොබ් අපෝස්තුලුවරයා අයිබීරියානු අර්ධද්වීපය හා ඒවායේ යටත් විජිත වූ රටවල වඩා පසිදු සන්තියාගෝ මුනිදුන් ලෙසය.එය සන් දියාගෝ නමින් වරනැගුණකි.

ජේසුස් වහන්සේ විසින් යවනු ලැබූ දොළොස් දෙනාගෙන් කෙනෙක් වූ එතුමා සමදර්ශක සුභාරංචි අනුව මුල් අපෝස්තුලුවරයින් සිව් දෙනාගෙන් අයෙකි.

තවද අන්‍යරූප විලාශ වීම , ජයිරස්ගේ දුව මළවුන්ගෙන් නැගිටවීම, මල් උයනේ යැදුම ආදී විශේෂ අවස්ථා වලට සහභාගි වීමට වරම් ලද තිදෙනාගෙන් අයෙකි.

සෙබදි ගේ පුතෙක් වූ එතුමා ජුවාම් තුමාගේ සොයුරාද වේ. ජේසුස් වහන්සේ වෙනුවෙන් පණපිදූ පළමු අපෝස්තුලුවරයා වන එතුමා පිළිබඳ ජනප්‍රවාද රැසක් ද ඇත.

මෙතුමා නමින් කැපකළ දෙව්මැදුරු ගණනාවක් දිවයින පුරා දැකිය හැක.

  1. මෝදර (කොළඹ 15 )
  2. මඩම්පැල්ල
  3. වේවැල්දෙණිය
  4. ගුරුනගර්
  5. මුන්දලම
  6. කයිට්ස්
  7. ඩෙල්ෆ්ට්
  8. නාච්චිකුඩා
  9. කිලාලි
  10. වයවිලන්
  11. ඉලවාලෙයි
  12. පහළගම ( නාත්තන්ඩිය )
  13. මුරුන්කන්
  14. ඩච්බාර්
  15. චෙන්කලඩි
  16. තන්නමුනෙයි
  17. පරපාන්කන්දල්
නල්ලූර් ශු. මහා ජාකොබ් අපෝස්තුලුවරයාගේ දෙව්මැදුර
නල්ලූර් ශු. මහා ජාකොබ් අපෝස්තුලුවරයාගේ දෙව්මැදුර
මෝදර ශු. මහා ජාකොබ් අපෝස්තුලුවරයාගේ දෙව්මැදුර
මෝදර ශු. මහා ජාකොබ් අපෝස්තුලුවරයාගේ දෙව්මැදුර

(මෙම සමහර දෙව්මැදුරු අසේල දසනායක මහතා ලියූ ලිපියකින් උපුටා ගත්බව ස්තූතිපූර්වකව දක්වනු කැමැත්තෙමි)

මේ හා සම්බන්ධ වෙනත් ලිපි