පුන ගැයුම :
ධීවරයෝ මගෙ හොඳ මිතුරෝ
ඔබ මින් මතු අල්ලන්නේ
මසුන් නොවේ මිනිසුන් වේ
මින් මතු අල්ලන්නේ මිනිසුන් වේ

වෙරළේ තිබුණා පොඩි ඔරුවක්
ඒ මත නැගලා නැතුව බියක්
දියපත් කරනට සෑහෙන දුරක්
සීමොන් හට ඔබ දුන්නෙ අණක්

ගැඹුරට දමනුය දැල නුඹගේ
තව තව ගැඹුරට රළ ඔස්සේ
අසුවෙයි මාළුන් සැකක් නැතේ
ඔරුවත් මදිවෙයි සොයුර නුඹේ

ඔරු දෙක පිරුනා බරට බරයි
ගිලිලා යයිදෝ අපට සැකයි
කිසිදා අසුනොවු මාළු ගොඩයි
අසුවුණේ මෙදිනේ හරි පුදුමයි

මේ හා සම්බන්ධ වෙනත් ලිපි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *