kristhiyani-kandayam-athi-wima

මෙතරම් ක්‍රිස්තියානි සභා ඇති වූයේ කෙසේද?

|

ජේසුස් වහන්සේ එක සභාවක් පිහිටෙව්වත් ( මතෙව් 16:18) මෙච්චර ක්‍රිස්තියානි කණ්ඩායම් බිහි වුනේ කෙසේද?

  • මාර්ටින් ලූතර් මීට වසර 500 කට පෙර කතෝලික සභාවට අකමැති වූ අතර ලූතරන් පල්ලිය ආරම්භ කළේය.
  • කැල්වින් ලූතරන් පල්ලියට අකමැති වූ අතර ප්‍රතිසංස්කරණයවූ හෝ කැල්වින්වාදී පල්ලිය ආරම්භ කළේය.
  • අටවන හෙන්රි තමන්ට දික්කසාද වීමට අවසර නොදුන් නිසා ඇංග්ලිකන් පල්ලිය ආරම්භ කළේය.
  • ජෝන් ස්මිත් ඇංග්ලිකන් පල්ලියට අකමැති වූ නිසා බැප්ටිස්ට් පල්ලිය ආරම්භ කළේය.
  • විලියම් මිලර් බැප්ටිස්ට් පල්ලියට අකමැති වූ නිසා ඇඩ්වෙන්ටිස්ට් ආරම්භ කළේය.
  • එලන් වයිට් ඇත්තටම විළියම් මිලර් කියපු දේට කැමති වෙලා Seventh Day Adventist Church පිහිටෙව්වා.
  • චාල්ස් ටී රසල් ඇඩ්වෙන්ටිස්ට් පල්ලියට අකමැති වූ නිසා යෙහෝවාගේ සාක්ෂිකරුවන් පිහිටෙව්වේය.
  • ජෝසප් ස්මිත් මෙතෝදිස්ත පල්ලියට අකමැති වූ නිසා යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදින සාන්තුවරයන්ගේ (මෝමන්වරුන්) පල්ලිය ආරම්භ කළේ.
  • ජෝන් වෙස්ලි ඇංග්ලිකන් පල්ලියට අකමැතිවූ නිසා මෙතෝදිස්ත පල්ලිය ආරම්භ කළේය.
  • සමහර දේවගැතිවරු මෙතෝදිස්ත පල්ලියට අකමැති වූ නිසා පෙන්තකොස්ත පල්ලිය ආරම්භ කළහ.
  • බොහෝ දෙනෙක් පෙන්තකොස්ත පල්ලියට අකමැති වූ නිසා, ‘දුක් විඳීම නවත්වන්න, දෙවියන්ගේ එක්රැස්වීම්, ලෝකයේ ආලෝකය’ වැනි පල්ලි දහස් ගණනක් ආරම්භ කළහ.

එවැන්ජලිස්ත ව්‍යාපාරය පැමිණියේ බැප්ටිස්ට් පල්ලියෙන් වන අතර විවිධ ‘බෝර්න් අගේන්’ ව්‍යාපාරය පැමිණියේ එවැන්ජලිස්ත පල්ලිවලින්.

‘බෝර්න් අගේන්’ ඇදහිල්ල 1930 ගණන්වල අගභාගයේදී එක්සත් ජනපදයෙන් මතු වූ අතර එහි ස්වර්ණමය යුගය වූ 1970 සහ 1980 ගණන්වල ජනප්‍රියත්වයට පත්විය.

බයිබලය පිළිබඳ ඔවුන්ගේ අර්ථ නිරූපණය නිවැරදි යැයි පවසන විවිධ ඊනියා ක්‍රිස්තියානි කණ්ඩායම් 35,000 දැන් ඇත.

මේ හා සම්බන්ධ වෙනත් ලිපි