ගරු අර්නස්ට් බුර්ජුවා (නිමනි) පූජාප්‍රසාදින් වහන්සේ

අර්නස්ට් ඇන්ඩ්‍රෙ මාරි ජෝශප් ෆ්‍රාන්සුවා පෝල් බුර්ජුවා 1906 දී උපන්නේ බෙල්ජියමේ රදල නිවහනකය.

සියල්ල හැරපියා පැවිද්ද වැළඳ ගත් එතුමා 1927 දී නිමල මරිය නිකායික පැවිද්දෙකු ලෙස වේද භාර ගෙන 1932 දී පූජකවරය ලබා එම වසරේදීම ධර්මදූතවරයෙක් ලෙස තම පළමු පත්වීම අප සිරිලකට ලැබීය.

රාගම හා මහවීදිය මීසම් වල සහයක ලෙස කටයුතු කළ එතුමා අනතුරුව අගරදගුරු වසමේ පහත මීසම් වල එඩේරාණන් ලෙස මෙහෙවර කළේය.

  1. මොරටුව 1934 – 1936
  2. බේරුවල 1936 – 1939
  3. මෝදර සා ජේම්ස් 1939 – 1949
  4. මොරටුව 1950 – 1953
  5. කොටහේන 1953 – 1956
  6. වාද්දූව 1963 – 1965
  7. මාබෝල 1965 – 1980
ගරු අර්නස්ට් බුර්ජුවා (නිමනි) පියතුමාගේ ජයාරූප 1
ගරු අර්නස්ට් බුර්ජුවා (නිමනි) පියතුමාගේ ජයාරූප 1

මීසම් සේවාවට අමතරව එතුමා කලක් නිමනි ආධුනිකාරාමයේ අදියුරු පියතුමා ලෙස කටයුතු කළ අතර සක්‍රිය සේවයෙන් පසු කොරලවැල්ල කන්‍යාරාමයේ උපාධ්‍ය පියතුමා ලෙසද සේවය කළේය.

මෙරට බොහෝ මීසම් වල එම මීසම හා වෙළී ගිය, මීසමේ නම කියත්ම ඒ හා ඈදුණු පූජක නාමයන් පවති. මාබෝල මීසම හා යාවූ පූජක නාමය අවිවාදයෙන්ම මේ බුර්ජුවා පියතුමා බව පිළිගත යුතුය.

එතුමා මාබෝල මීසම් වංශකතාවේ රන් අකුරින් ලියවෙන අතර ඊටත් වඩා මාබෝල දේවජනතාවගෙ සිත්සතන් හී නොමැකෙන ලෙස සටහන් වී ඇති බව නොඅනුමානය.

කොහුවල මේරියන් ග්‍රෝව් හි ජීවිතයේ සැදෑ සමය ගෙවූ බුර්ජුවා පියතුමා 1995 ජූලි 07 දා සගසුව දිනුවේ 63 වසරක පූජක දිවියම අප දේශය වෙනුවෙන් කැපකළ උදාර ධර්මදූතවරයෙක් ලෙසිනි.

එතුමාගේ දේහය මාබෝල ආරෝග්‍ය දේවමාතා දෙව්මැදුර වෙත රැගෙන එනලද අතර පසුව බොරැල්ල සුසාන භූමියේ මිහිදන් කෙරිණි.

ගරු අර්නස්ට් බුර්ජුවා (නිමනි) පියතුමාගේ ජයාරූප 2
ගරු අර්නස්ට් බුර්ජුවා (නිමනි) පියතුමාගේ ජයාරූප 2
ගරු අර්නස්ට් බුර්ජුවා (නිමනි) පියතුමාගේ ජයාරූප 3
ගරු අර්නස්ට් බුර්ජුවා (නිමනි) පියතුමාගේ ජයාරූප 3
ගරු අර්නස්ට් බුර්ජුවා (නිමනි) පියතුමාගේ ජයාරූප 4
ගරු අර්නස්ට් බුර්ජුවා (නිමනි) පියතුමාගේ ජයාරූප 4

මේ හා සම්බන්ධ වෙනත් ලිපි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *