පංච පුස්තකය ලේඛනගත කිරීම

ශු. බයිබලය මුලින්ම පැවතියේ වාචිකව ය. ශු. බයිබලය ලේඛන ගතවීම ආරම්භ වන්නේ මෙම වාචික සම්ප්‍රදාය ඇසුරු කරගෙන නිසා ශු. බයිබලයේ වාචික සම්ප්‍රදාය ඉතා වැදගත් වේ.

ශු. බයිබලය වාචිකව පැවති කාලයට අයත් වන්නේ කුමන සිද්ධීන් නම්,

  • ආදී පීතෘවරුන්ගේ කාලය
  • නික්මයාම, රතු මුහුද තරණය
  • ඉශ්රායෙල්වරු කානාන් දේශයේ පදිංචි වීම
  • වීරාවලිය
  • සාවුල්ගේ රාජ්‍ය කාලය

ශු. බයිබලය මුල් කාලයේ වාචිකව පැවතීය යන්නෙන් අදහස් වන්නේ ශු. බයිබලය ලිඛිත ග්‍රන්ථයක් ලෙස නිල වශයෙන් නොතිබි බවත්, ශු. බයිබලයේ එන සිද්ධීන් පැරණි කතාන්දර ලෙස පරම්පරාවෙන් පරම්පරාවට කටකතාවන් ලෙස පැවතගෙන ආ බවත් ය.

නමුත් මුල් කාලයේදී ලිඛිත ප්‍රකාශන හෝ කෘතීන් නොතිබි බව මින් අදහස් නොවේ. ඒ මන්ද යත් මුල් කාලයෙදී වෙනත් ලිඛිත ප්‍රකාශන හා කෘතීන් හමු වී තිබේ. ඒ සඳහා උදාහරණ කෙහිපයක් නම්,

  • ගිවිසුම් ව්‍යවස්ථාව (නික්. 20:22-23)
  • දස පණත (නික්. 20, ද්වී. 5)

ඒ අනුව ඉශ්රායෙල් ඉතිහාසය විකාශනය කිරීමට යොදාගත් ප්‍රධාන ක්‍රමය වාචික සම්ප්‍රදායයි. මෙම වාචික සම්ප්‍රදාය තුළ ගැබ්ව තිබුනේ ඉශ්රායෙල් ජනතාවගේ අත්දැකීම්, සිරිත් විරිත්ව, ත්පිළිවෙත් සහ විශ්වාසය ය

ඉශ්රායෙල් ඉතිහාසය තුළ මෙම වාචික සම්ප්‍රදාය ඉදිරියට ගලා ආවේ පහත දැක්වෙන පරිදි ය.
ඉශ්රායෙල් ජනතාවගේ මුතුන්මිත්තන් මෙම සම්ප්‍රදාය තමන්ගේ ඊළඟ පරම්පරාවට දායාද කළේය.
ඔවුන් ඒවායෙහි මූලික හරය යටපත් වීමට ඉඩ නොදී එය ආරක්ෂා කරමින් තමන්ගේ අත්දැකීම්ද එයට එකතු කරන ලදි.

මෙලෙස ආදී පීතෘවරුන්ගේ මෝසෙස්ගේ සහ දේව පණිවිඩකරුවන්ගේ ආගමික සාක්ෂි දැරීම ඒ ආකාරයෙන්ම මතුවට දායාද විය.

ශු. බයිබලය ලිඛිත ස්වරුපයකට ඉදිරිපත් වූයේ දාවිත් රජු රාජධානිය පිහිටුවාගත් පසු, එනම් සලමොන් රජුගේ කාලයේදී. (ක්‍රි.පූ. 950 දී පමණ)

එම සමයේදී මෙම වාචික ඉතිහාසය ලේඛනගත කිරීම සිදුවුනේ පහත දැක්වෙන හේතූන් නිසා ය,

  • එම සමයේදී වාචික සම්ප්‍රදාය ලේඛනගත කරන්නට රාජ්‍ය අනුග්‍රහය නොමදව ලැබුණි.
  • දේව මාලිගාවේ වත්පිළිවෙත් කිරීමේදී විශ්වාසයේ අත්දැකීම් බෙදා ගැනීමට අවශ්‍ය විය. ඒ සඳහා ලිඛිත පාඨ අවශ්‍ය බැවින් මෙය ලේඛනගත කරීම ආරම්භ විය.

ඒ අනුව වාචික ඉතිහාසය ලේඛනගත කිරීමේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ දේව ජනයාගේ විශ්වාසය පෝෂණය කිරීමට ඉතිහාස අත්දැකීම් ඉවහල් කර ගැනීමට සැලැස්වීමයි.

එක් එක් සම්ප්‍රදායන්ගේ එක් කිරීම සිදුවූ අන්දම

යාවේ සම්ප්‍රදාය හා එලොහිම් සම්ප්‍රදාය එක් වූයේ පහත පියවර යනුව ය.

  • දකුණු රාජ්‍යයේ යාවේ සම්ප්‍රදායද උතුරු රාජ්‍යයේ එලොහිම් සම්ප්‍රදායද ජනතාව අතර ස්වාධීනව පැවතුනි.
  • ක්‍රි.පූ. 721 දී උතුරු දිග රාජ්‍යය බිඳ වැටීමත් සමඟම උතුරේ සිට දකුණට ආ සරණාගතයින් සමඟ එලොහිම් සම්ප්‍රදායද දකුණට පැමිණියේය.
  • මෙලෙස යාවේ හා එලොහිම් සම්ප්‍රදායන් ක්‍රි.පූ. 721 න් පසු එක් කොට එක කෘතියක් බවට පත්කරන ලදි. (ක්‍රි.පූ. 716-687 පමණ කාලය තුළ)

ජෙරුසලෙම් නුවර දී යාවේ සම්ප්‍රදාය හා එලොහිම් සම්ප්‍රදාය එක් කරන ලදී. පසුව උතුරු රාජ්‍යයේ වැටීමත් සමඟම ලෙවීවරු ආගමික සිරිත් විරිත් සහිත මෙම සම්ප්‍රදාය තමන් සමඟ දකුණු රාජ්‍යයට ගෙන ආහ. දකුණු රාජ්‍යයේ වැටීමට පෙර එනම් ක්‍රි.පූ. 621 න් පසු ද්විතීය නීති සම්ප්‍රදාය අනෙක් සම්ප්‍රදායන්ට එක් කරන ලදි.

ද්විතීය නීති සම්ප්‍රදායේ සංස්කරණයන් අවස්ථා දෙකකදී ඇති විය. එනම් ක්‍රි.පූ. 610 ද්විතීය කතා ඉතිහාසය 1 වන සංස්කරණය ද, ක්‍රි.පූ. 550 ද්විතීය කතා ඉතිහාසය 2 වන සංස්කරණය ද ලෙස ය.

මෙම සම්ප්‍රදායන් තුනේ එක්වීම නිසා අලුත් අදහස් ඇති විය. ඒම අදහස් කිහිපයක් පහත දැක්වේ.

  • දෙවියන් වහන්සේ එක් අයෙක් විය යුතුය.
  • මෙම ජනතාව එකම ජනතාවක් විය යුතුය.
  • ජනතාව තෝරා ගැනීම දෙවියන් වහන්සේගේ ස්ව කැමැත්තෙන් සිදු විය.

පසුව යාවේ, එලොහිම් සහ ද්විතීය නීති සම්ප්‍රදායට පුජක සම්ප්‍රදාය එක්විය. බැබිලෝනියානු විප්‍රවාසයෙන් පසු පුජකවරුන් විසින් පූජක සම්ප්‍රදාය සම්පාදනය කරන ලද අතර පූජකවරුන්ගේ බලපෑම මත ක්‍රි.පූ. 422 දී පමණ මෙම සම්ප්‍රදාය අනෙකුත් සම්ප්‍රදායන් තුන හා එක්කරන ලදි.

මේ අනුව පංච පුස්තකය සම්පාදනය වීමට ආසන්න වශයෙන් අවුරුදු 600 ක් පමණ කාලයක් ගත විය.

මෝසෙස්ගේ ආභාෂය

ජුදා සමාජය තුළ පංච පුස්තකයේ කතෘත්වය ආරූඪ කර තිබුණේ මෝසෙස් තුමාට ය. එදා ජුදා සමාජයේ යමෙකු ග්‍රන්ථයක් රචනා කර එහි කතෘත්වය එම ජන සමාජයේ නායකයෙකුට, වැඩිහිටියෙකුට හෝ ආදී පීතෘවරයෙකුට ආරෝපණය කළේය. එසේ කරන ලද්දේ එම ග්‍රන්ථයට සමාජය තුළ පිළිගැනීමක් සහ ප්‍රසිද්ධියක් ලබා දීමට.

මෙලෙස මෙසෙස් තුමා ඒ සමයේ සිටි ජන නායකයෙක් නිසාත් මෝසෙස් තුමා වීරයෙක් ලෙස සැළකූ නිසාත් පංච පුස්තකයේ අඩංගු ඉතිහාස ගමනේ නියමුවා මෝසෙස් තුමා නිසාත් පංච පුස්තකයේ කර්තෘත්වය මෝසෙස් තුමාට ආරුඪ කරන ලදී.

මේ හා සම්බන්ධ වෙනත් ලිපි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *