සමිඳුන් වෙත මගේ හද යන්නේ
එතුමන් සොයමින් වෙසෙසෙන්නේ
අන් දෙයකින් නිති සැප නැත්තේ
සමිඳුන් ඇති තැන සැනසුම වේ

අහෝ දෙවිඳුනි ඔබ මාගේ දෙවිඳාණෝය මම ඔබ සොයමි
මාගේ ආත්මය ඔබ කෙරෙහි පිපාසයෙන් පසුවේ

ඔබගේ ප්‍රේමය ජීවිතයට වඩා අගනා නිසා
මාගේ තොල් ඔබට ප්‍රශංසා කරන්නේය

ඒ නිසා මාගේ ජීවිතය මුළුල්ලේ
ඔබ තේජස ප්‍රකාශ කරමි
ඔබ නම අයදිමින් මාගේ අත් ඔසවමි

පිතා පුත්‍රයා සහ ශුද්ධාත්මයාණන්ට
දැනුත් සදහටත් තුති ප්‍රශංසා වේවා

මේ හා සම්බන්ධ වෙනත් ලිපි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *