යහමග යන සැම දැහැමි දනා
සමිඳුට නිති දින ප්‍රිය වන්නේ
දෙවිඳුන් අණ සැම පිළි ගන්නේ
අදමිටු මග නිති හැරයන්නේ

අදමිටුවන් අනුව නොයන තැනැත්තා
ප්‍රීතියෙන් පසු වන්නේය
පවිටු දනන් අනුව නොයන්නා
ප්‍රීතියෙන් පසු වන්නේය

සමිඳුන්ගේ අණ පනත් කෙරෙහි ප්‍රීතිවන
තැනැත්තා ආශීර්වාද ලද්දේය
ඔහු කරන සැම දෙයක්ම සපල වන්නේය

පිතා පුත්‍රයා සහ ශුද්ධාත්මයාණන්ට තුති වේවා
දැනුත් සදහටත් ප්‍රශංසා වේවා

මේ හා සම්බන්ධ වෙනත් ලිපි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *