මා රැකවරණය සමිඳාණන්මය
එතුමන් ඇති තැන මට හිඟ නොමැතේ

සමිදාණෝ මාගේ එඩේරාණෝය
මට කිසි දෙයකින් හිඟයක් නොමැත්තේය
නිල්තණ බිම් මත මා සතපවන සේක
නිසල දිය අසල මා ගෙන යන සේක

මා අඳුරු මිටියාවතේ සැරිසරතත්
කිසි දෙයකට මම බිය නොවෙමි
මක්නිසාදයත් ඔබ මා වෙතය

මාගේ ජීවිතේ සෑම දිනකම
යහපත් කමත් කරුණාවත් මා පසු පස එන්නේය
සදාකාලයටම මම සමිඳාණන්ගේ නිවසෙහි
ජීවත් වන්නෙමි

පිතා පුත්‍රයා සහ ශුද්ධාත්මයාණන්ට
දැනුත් සදාකල්හිත් මහිමය වේවා

මේ හා සම්බන්ධ වෙනත් ලිපි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *