38. ඔබයි අපට දිරියත් කෙම් බිමත් දෙවියනේ
ඔබයි අපට දිරියත් කෙම් බිමත් දෙවියනේ
ලඟින් ඉන්න උදව් කරුවෝ විපත් වතාවේ
දෙරණ සසැලුනත් නැහැ අප බියපත් වන්නේ //
හමුදාවන්ගේ සමිදෝ අප හා වන්නෝ
ජකෝබුන්ගේ දෙවිදාණෝ බල කොටුව අපේ
කඳුද පවා වැටී ගියත් මුහුදේ පත්ලේ
ගොරවා පෙන දා නැගුනත් දියකඳ මුහුදේ
කඳුත් සසලවා නැගුනත් රළගෙඩි සයුරේ //
එව් විමසව් සමිඳාණන් සිදුකළ දේවල්
පොළොව පිටේ එතුමන් කළ බිහිසුණු විකුමන්
යුධ කෙළි එතුමෝ පොළොවෙන් මකා දමන්නෝ //