kristhu rajanange mangalyaya

ක්‍රිස්තු රජාණන්ගේ මංගල්‍යය

ජනවන්දනා වසර නිමාවත්ම සභා මාතාව ක්‍රිස්තු රජාණන්ගේ මංගල්‍යය සැමරීමට අපට ඇරයුම් කරයි.

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සැබැවින්ම රජෙකි. ඒ බවට ශුද්ධ ලියවිල්ලම සාක්ෂි දරයි. දේවදූතයා මරියතුමීට පවසන්නේ දාවිත්ගේ සිහසුන එතුමියගේ පුතුට හිමිවන බවත් උන්වහන්සේ රජකම් කරන බවත්ය. තවද පෙරදිගින් ශාස්ත්‍ර වන්තයෝ ආවේද රජ වීමට උපන් උතුමෙක් සොයාගෙනය.

උන්වහන්සේගේ දූත මෙහෙවර තුළ මේ රාජකීය බව ගැබ්වී තිබිණි. මන්ද උන්වහන්සේ මෙසියස් හෙවත් ආලේප ලත් තැනැත්තා බැවිනි.

නමුත් උන්වහන්සේ රජකම කෙබඳු රජකමක්ද ? එය මෙලොව කිසිදු රජෙකු හා සැසඳීය නොහැකි රජකමකි.

  • උන්වහන්සේ දුක්විදින රජෙකි.
  • අසකු පිට නොව කොටළුවකු පිට එන සාමයේ රජෙකි.
  • ආවතේව ලබන රජෙක් නොව ආවතේව කරන රජෙකි.
  • රන් කිරුලක් වෙනුවට කටු ඔටුන්නක් පැළැදි රජෙකි.
  • රාජයෂ්ටිය ලෙස බටදණ්ඩක් ලද රජෙකි.
  • තමන්ගේම සිංහාසනය කරතබා ගෙන ගිය රජෙකි.

තමන් යටතේ සිටින අය බිලිදී තමන් දිවි රැකගන්නා රජෙක් නොව තමන්ම ජීවිතය පූජා කරන්නට ඉදිරිපත් වන රජෙකි.

පිලාත් හමුවේ උන්වහන්සේ තම රාජකීයත්වයේ ස්වභාවය ප්‍රකාශ කළ සේක. පිලාත් එය පිළිගත් බව තහවුරු වන්නේ ” ජුදයින්ගේ රජ වූ නාසරත් හි ජේසුස් ” යන නාම පුවරුව නිසාය. එය උන්වහන්සේ ජීවත්ව සිටියදි උන්වහන්සේ ගැන ලියවුණු එකම සටහනයි.

උන්වහන්සේගේ රජකම මෙලොව බාල රජවරුන්ට අභියෝගයකි. සැමටම පළමුවෙන් තම ආරක්ෂාව ගැන වෙහෙසෙන නායකයිනට අභියෝගයකි. සේවකත්වයේ නායකත්වයක් නොහොත් එඩේරීය නායකත්වයක් තුළ සැමට අභියෝගයකි. මහේශාක්‍ය බව දැක දපනෙ වැටෙන පුහුදුන් මිනිසුන්ටද අභියෝගයකි.

හෝසන්නා /// ක්‍රිස්තු රජාණේනි. !!!

මේ හා සම්බන්ධ වෙනත් ලිපි