අඩ ධවලය (Suplice)
අඩ ධවලය (Suplice) යනු ශුද්ධ වූ කතෝලික සභාවේ පියතුමන්ලා සහ පූජාසන සේවකයින් විසින් පැළඳ සිටින සුදු පැහැති පූජනීය වස්ත්‍රයකි.
- එය ලිහිල් ලෙස සකසන ලද සුදු වස්ත්‍රයකි. සාමාන්‍යයෙන් කපු හෝ ලිනන් වලින් සාදා ඇත.
- එයට පළල් අත් ඇති අතර සාමාන්‍යයෙන් දණහිසට ලංවන ආකාරයට සකසා ඇත.
- බෙල්ලේ සහ වාටිය සමහර විට සරල ලේස් හෝ එම්බ්‍රොයිඩර් සැරසිලි ලෙස තිබිය හැකිය.
එය පැළඳ සිටින්නේ කවුද?
පියතුමන්ලා, තේවාචාර්යවරයන් සහ දෙව්සත්හල් සහොදරතුමන්ලා පැළඳ සිටී. එසේම පුජා සහයක දරුවන් පැළඳ සිටී.
දිව්‍ය පුජාව පවත්වන ප්‍රධාන පියතුමාට අමතරව සහයවන සහෝදරතුමන්ලා මෙය පැලද දිව්‍ය පූජාවට සහය වේ.
දිව්‍ය සත්ප්‍රසාද ආශිර්වාදයේදී, පෙරහැර, අවමංගල්‍ය උත්සව සහ දිව්‍ය පූජාවෙන් පිටත අනෙකුත් ආගමික කටයුතු වලදි මෙය පළඳිනු ලබයි.
අර්ථය
අඩ ධවලයේ සුදු පැහැය පාරිශුද්ධත්වය සහ ශුද්ධකම සංකේතවත් කරයි.එය පැළද සිටින තැනැත්තාට පිරිසිදු හදවතකින් සහ පිරිසිදු ආත්මයකින් දෙවියන් වහන්සේට සේවය කිරීමට මතක් කර දෙයි.
Community of Rosa Mystica – Sri Lanka WhatsApp චැනලය ඇසුරෙන්
