15 පොඩි පොඩි කුරුල්ලනේ
පොඩි පොඩි කුරුල්ලනේ ගී කවි කියපන්
කිචි බිචි නාදෙන් මිහිරක් නංවාපන්
සල සල පියාපතින් රිද්මය දීපන්
තොප මැව් දෙවිඳුන් හට ගී හඬවාපන් //
පොඩි පොඩි මාළුවනේ ගී කවි කියපන්
සල සල වරල් තොපේ රිද්මය දීපන්
රැල රැල එකතුවෙලා තාලෙට නටපන්
තොප මැව් දෙවිඳුන් හට ගී හඬවාපන් //
සැලි සැලි තුරුලිය රස ගී පොඩි කියපන්
වැනි වැනි මද නල හා රිද්මය දීපන්
පොඩි පොඩි මල් පොරවා තාලෙට නටපන්
තොප මැව් දෙවිඳුන් හට ගී හඬවාපන් //
මනු අපි සැම එක් වී ගී පොඩි ගයමු
එතුමන් මැවිල්ල දෙන රිද්මය ගනිමු
දෙවිඳුන් පසසා වනවා තුති පුදමු
අප මැව් දෙවිඳුන් හට ගී හඬ නඟමූ ///