එළිය ඔබ මගේ මගෙ පිළිසරණේ
කාට බියේ සිටිම් ද මම් සමිඳුනේ
මගේ ජීවිතේ බලකොටුව ඔබේ
එබී හිඳිම් කා ඉදිරියේ හිමි සඳේ

මට හතුරුවැ කඳවුරු බැඳ සිටියත් හමුදා
නෑ සැලෙන්නේ හදවත මගෙ බියෙන් මිරිකිලා
යුධ සේනා නැඟැ සිටියත් මා තැති ගන්වා
ඇදහිලි සිත මගෙ කොහෙත්මැ නොයයි පිරිහිලා

අයැදිම් මම් එක වරයක් ඔබෙන් සමිඳුනේ
එය මැ පතා සුසුම් හෙලම් හිමිපා සඳුනේ
අවසර මට දෙන්නැ මගේ ජීවිත කාලේ
සියලු දවස් ගෙවා ඉන්න ඔබේ නිවහනේ

සොයනෙමි මම් මුහුණ ඔබේ අනේ සමිඳුනේ
ඔබේ මුහුණ මගෙන් අනේ සඟව නොගන්නේ
උදහස පා ඔබේ ගැත්තා පිටු නොදකින්නේ
කවදාටත් ඔබයි මගේ පිළිසරණේ වුණේ

අත්හැරැ මා දමනු එපා පිළිකෙව් කරැලා 
අනේ දෙවියනේ ඔබ මගෙ ගැලැවුම්කරුවා
පියා මගේ අම්මා හෝ එපා කළත් මා
සමිඳුනි ඔබ නෑ ඉන්නේ බාර නොගෙනැ මා

සමිඳුන් ගුණ කඳ දයාව දකිම් සහතිකේ
දිවමන් ජනතා ඉන්නා රටේ ඔබැ සුරේ
පතා සිටිම් එකක් හිතින් දිරි වඩා හිතේ
නොවක් සිතින් අදහ සිටිව් හිමි සඳුන් කෙරේ

මේ හා සම්බන්ධ වෙනත් ලිපි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *