130. සුවඳ මල් තබා

|

පුන ගැයුම :
සුවඳ මල් තබා – පහන් දල්වලා
පුදමු දිවි අපේ – ජේසු සමිඳුනේ

අපි සැමා මෙසේ – එකට එක් වුණේ
ඔබ නිසාම වේ – සාම කුමරුනේ

සුවඳ දුම් පුදා – රජෙකු බව කියා
වඳිමු ගී ගයා – සමිඳු ජේසුනේ

සමිඳු ගිය මගේ – යන්න අප වෙතේ
දෙන්න සැම බලේ – පෙමැති ජේසුනේ

දයා පෙම් වඩා – මෙලොව සත වෙතා
දිනෙක සග පුරේ – සැපත ලැබ දෙවා

මේ හා සම්බන්ධ වෙනත් ලිපි