සමිඳුනේ දෙවිඳුනේ විශ්වයේ ජීවෙනී
ඔබට පුදමි ජීවිතේ යාගයක් ලෙසා
මා බාර ගනූ මැනේ

ඇති හැකි දෑ මගේ පුදන්න සේවයේ
රැගෙන තුටු සේ අඹා
යවන්න ලොව වෙතේ
මා ජේසු සමිඳුනේ

ලොවේ සියලුම දේ ඔබෙන් ලබා ඇතත්
එම අස්වනු නෙලා පුදන්න හද බැතින්
ම ජේසු සමිඳුනේ

මිදි රස පූ පිදේ මිනිස් ශ්‍රමේ නමින්
සැවොම එක සේ බැඳී
පතන්න සව් සිරී
මා ජේසු සමිඳුනේ

දුක සැප හැම මගේ ඔබටම පුදමී
පිළිගෙන ඒ සැමා හරවනු සතුටින්
මා ජේසු සමිඳුනේ

මේ හා සම්බන්ධ වෙනත් ලිපි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *