කිතු සමිඳේ ආදර දෙවිදේ
ඔබ මගෙ ජීවනය
ඔබෙ හදවත තුළ මා රඳවා
ජීවය ලැබ දෙන්න

ඝන අඳුරේ ඇවිදින ජනයා
එළියක් දැක ගන්නෝ
ජේසුනි ඔබ අඳුරට එළිය
මට අරුතක් දෙන්නෝ

නොමිනිස්කම් සැම දුරු කරලා
නව මිනිසකු වන්න
මිනිස් බවේ මිණි කිරුළ ලබා
ප්‍රේමය පළඳින්න

දුක් පීඩාවෙන් පෙළෙන දනන් වෙත
සමිඳුගෙ අනුකම්පා
කරදර බාධක හිරිහැර ඇති තැන
ජේසුගෙ නිති කරුණා

වෙහෙසෙන බර උසුලන ජනයා
සමිඳුන් වෙත එන්න
තම දිවි සමිඳුන් මත රඳවා
සැනසුම ලැබ ගන්න

මේ හා සම්බන්ධ වෙනත් ලිපි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *