සාන්ත ජූඩ් අපොස්තුලුතුමාගේ නාමයට කැප කළ දෙව්මැදුරු

සාන්ත ජූඩ් අපොස්තුලුතුමාගේ නාමයට කැප කළ දෙව්මැදුරු

|

මෙම ලිපිය තුලින් සාන්ත ජූඩ් අපොස්තුලුතුමාගේ නාමයට කැප කළ දෙව්මැදුරු පිළිබඳව තොරතුරු බිඳක් ඔබ වෙත ගෙන එමු. ඔක්තෝබර් 28 දින සාන්ත සභාව ශු. ජූඩ් හා සීමෝන් අපෝස්තුලුවරුන්ගේ මංගල්‍යය සමරයි

බලාපොරොත්තු රහිත අවස්ථාවලදී මැදිහත් වන සාන්තුවරයා ලෙස කිතුනුවන් අතර බුහුමන් ලබන ශු. ජූඩ් තද්දේවුස් තුමන් ගැන ශු.ලියවිල්ල මගින් ලැබෙන්නේ ඉතා අල්ප විස්තරයකි.

අපෝස්තුලුවරුන්ගේ නාමාවලියේ එම නම හමුවනවාට අමතරව ජොහාන් සුපුවතේ පමණක් වෙනත් තැනක එය දක්නට ලැබේ. (14/22) වඩා විශේෂ වන දෙයක් නම නව ගිවිසුමේ ලිපි වලින් එකක් එතුමාගේ නමට පවරා තිබීමය.

මෙතුමන් පිළිබඳ ජනප්‍රවාද හා සම්ප්‍රදායික තොරතුරු මගින් ගොනුකර ගතහැකි දෑ අතර එතුමා අර්මේනියාව, එඩෙස්සාව වැනි තැන් වල ධර්මය දේශනා කළ බව හමුවේ.

එතුමන් අරබයා වන බැතිය වඩා පුළුල් ලෙස ජනප්‍රිය වූයේ පසුකාලීනවය. එහි ප්‍රතිඵලයක් ලෙස මෙරට ගොඩනගන ලද නව කිතුනු සංඝයක් වූ ගම්පහ ඉදිගොල්ල ගමේ දෙව්මැදුර මෙතුමා නමින් කැපකෙරුණු අතර එය මෙරට සාන්ත ජූඩ් බැතියේ කේන්ද්‍රය වනවාට සැක නැත.

මෙරට එතුමා නමින් වන දෙව්මැදුරු කීපයක් නම්,

1) ඉදිගොල්ල
2) වැලිසර
3) දළුවකොටුව
4) තලාදූව
5) හල්කඳවිල
6) මත්තේගොඩ
7) ආණමඩුව
8) දැදුරුඔය
9) වනාතවිල්ලුව
10) තේතතිවු (මඩකලපුව)
11) පස්සර
12) තලාව
13) වලේබොඩ (බලංගොඩ)
14) තුඩුවෙගෙදර
15) ගලේවෙල
16) ලිංගනගර් (ත්‍රිකුණාමලය)
17) කඩුගොඩ (වග)
18) කීනවින්න (කෝන්ගොඩමුල්ල)
19) ගල්වල (හල්පේ )

ඉදිගොල්ල සාන්ත ජූඩ් අපොස්තුලුතුමාගේ නාමයට කැප කළ දෙව්මැදුර
ඉදිගොල්ල සාන්ත ජූඩ් අපොස්තුලුතුමාගේ නාමයට කැප කළ දෙව්මැදුර
දළුවකොටුව සාන්ත ජූඩ් අපොස්තුලුතුමාගේ නාමයට කැප කළ දෙව්මැදුර
දළුවකොටුව සාන්ත ජූඩ් අපොස්තුලුතුමාගේ නාමයට කැප කළ දෙව්මැදුර

මේ හා සම්බන්ධ වෙනත් ලිපි