හිරු එළියේ පොපියන මල් ඔබට පුදන්න
මහාවැලියේ රන් දියවර ඔබට පුදන්න
අප නිජ බිම රන් මිනි මුතු ඔබට පුදන්න
අවසර දෙනු මැන දෙව්දේ ඔබ පසසන්න
අපේ ශ්‍රමය පුදසුන වෙත අපි ගෙන එනවා
සිතේ සතුට දුක දොම්නස අපි පුද දෙනවා
හද කුටියේ ජනිත හැඟුම් සැම ගෙන එනවා
ඔබේ පහන් වරම් තුලින් අපි සැනසෙනවා
අපේ දිව්‍ය ඔබෙ දිවියෙන් පණ ගැන්වෙනවා
අපේ සව්ය ඔබෙ සව්ගෙන් දිරිමත් වෙනවා
අපේ සිතැඟි ඔබ බැල්මෙන් පිරිපුන් වෙනවා
ලොවේ සියලු දෑ ඔබ’තින් නිති සුරැකෙනවා