diwya pujawedi bawitha wana banda

දිව්‍ය පූජාවේ භාවිතා වන භාන්ඩ

බොහොමයක් දෙනා දේවස්ථාන කරා යන මුත් දිව්‍ය පූජාවේ භාවිතා වන භාන්ඩ ගැන ඇත්තේ අල්ප දැනුමකි ඒ අය සදහා මේ ලිපි ගොනුවේ පලමු වැන්න මෙසේ ඇරඹේ.

දිව්‍ය පූජාවේ භාවිතා වන භාන්ඩ

දිව්‍ය පූජාවේ භාවිතා වන භාන්ඩ
දිව්‍ය පූජාවේ භාවිතා වන භාන්ඩ

Processional Cross & Candles – කුරුස තිරියස් (කුරුස ශ්‍රී හස්ත සහ පහන් කනු)

  • පූජාව ආරම්භයේ පියතුමන් අල්තාරය මතට කැදවාගෙන ඒම සහා නොයෙකුත් ගාම්භීර ශුද්දවූ අවස්ථවන්ගේ පෙරටුව මේවා පූජා සහයක දරුවෙකු හෝ දැරියක විසින් ගෙන යයි.
කුරුස තිරියස් (කුරුස ශ්‍රී හස්ත සහ පහන් කනු)
කුරුස තිරියස් (කුරුස ශ්‍රී හස්ත සහ පහන් කනු)

Thurible & Boat – The Thurible (Censor) – තුරුබලය සහ කට්ටකුමන්ජල් රදවනය

  • දිව්‍ය පූජාව ආරම්භයේදි මෙන්ම විවිධ ගාම්භීර ශුද්ධ අවස්තාවන් සදහා දුම් ඇල්ලිමට මෙය යොදා ගනී මෙහි කොටසින් කොටසට විවිධ තේරුම් ඇත.
තුරුබලය සහ කට්ටකුමන්ජල් රදවනය
තුරුබලය සහ කට්ටකුමන්ජල් රදවනය

Cruets and Tray- කොතල සහ රදවනය

  • දිව්‍යරහස් කිරීමට අවශ්‍ය මිදියුශත් වතුරත් බහාතැබීමට මෙය යොදා ගනී.
කොතල සහ රදවනය
කොතල සහ රදවනය

Chalice – කලිස්පාත්‍රය සහා උපාංග

  • මෙය දිව්‍යරහස් පිලිවෙත සදහා මිදියුශ බාහාලීමට යොදා ගනී මෙයට වැසුම් කඩක්, පිහදුම් කඩක්, ශුද්ධ වූ ලේන්සුවක් ආදී කොටස්ද ඇතුලත් වේ.
කලිස්පාත්‍රය සහා උපාංග
කලිස්පාත්‍රය සහා උපාංග

corporal -කොර්පොරාලය

  • දිව්‍ය රහස් කිරිමේ පිලිවෙත ආරම්භයේදී අල්තාරය මත එලන සමචතුරස්‍රාකාර කපු රෙද්දකි.
  • මෙය ශුද්දවූ ලේන්සුව කියාද හදුන්වයි.
  • මෙය ජේසු සමිදුන් මියගිය පසු ශ්‍රී දේහය එතීමට සහා ගල් ලෑල්ල මත තැන්පත් කිරීමට පෙරාතුව එලූ රෙදි කඩ සිහිගන්වයි
කොර්පොරාලය
කොර්පොරාලය

Pall – පාල් – වැසුම්කඩ

  • සමචතුරස්‍ර හැඩැති මෙය මැද ප්ලාස්ටික් හෝ ලී පතුරකි එය සුදු හෝ රන්පැහැති රෙද්දකින් අවරනය කර සකසා ඇත.
  • පාත්‍රයට ඉහල සිට වැටෙන ද්‍රව්‍ය අවහිර කිරීමට යොදා ගනී.
පාල් - වැසුම්කඩ
පාල් – වැසුම්කඩ

Sacred Vessels – වෙසෙල් – දිව්‍යසත්ප්‍රසාද තැටිය (සත්ප්‍රසාද තලිය)

  • දිව්‍යරහස් කිරිමේ ක්‍රියාවලිය අතර තුර දිව්‍ය සත්ප්‍රසද වහන්සේ තැබීමට මෙය යොදා ගනී.
දිව්‍යසත්ප්‍රසාද තැටිය (සත්ප්‍රසාද තලිය)
දිව්‍යසත්ප්‍රසාද තැටිය (සත්ප්‍රසාද තලිය)

Purificator – පිරිසිදු කිරිමේ රෙදිකඩ

  • බොදුන් පිලිවෙත අවසානයේ සිබොරියම්, චැලිස්, ලැබුම් තැටිය ආදියේ ඇති සත්ප්‍රසාද කොටස් පිස එකතු කිරීමට හා චැලිස් එක පිසදැමීමට යොදාගන්නා පිස්නාකඩ මෙලෙස හඳුන්වයි.
පිරිසිදු කිරිමේ රෙදිකඩ
පිරිසිදු කිරිමේ රෙදිකඩ

Ciborium (Ciboria) – සිබෝරියම්

  • පූප ආශිර්වාදයට පෙරත් ජනතාවට බෙදාදීම සදහා ආශීර්වාද කල දිව්‍යසත්ප්‍රසාදත් සහ බෙදාදීමෙන් පසු ඉතුරුවන දිව්‍යසත්ප්‍රසාද සත්ප්‍රසාද නිවහනේ තැබීමටත් මෙය භාවිතා වේ
සිබෝරියම්
සිබෝරියම්

Lavabo Bowl & Towel – ලවාබ්බො බදුන සහා අත්පිස්නාව

  • පඬුරු ස්පර්ශ කිරිමේන් අපවිත්‍ර වූ දෑත් පූපය ස්පර්ශයට පෙර පූජාප්‍රසාදිතුමන් පිරිසිදු කිරීමට භාවිතා කරයි.
ලවාබ්බො බදුන සහා අත්පිස්නාව
ලවාබ්බො බදුන සහා අත්පිස්නාව

Objects Paten – (පැටන්) ලැබුම් තැටිය

  • දිව්‍යසත්ප්‍රසාද වහන්සේ ජනතාව වෙත ලබා දීමේදී පූජාසහයක දරුවා හෝ දැරිය සත්ප්‍රසාද ලබන්නාගේ නිකට පහලින් රදවයි මෙය වෙසෙල් ලෙස හඳුන්වයි.
(පැටන්) ලැබුම් තැටිය
(පැටන්) ලැබුම් තැටිය

PYX – ශු. තෛල මංජුසා, pYX මංජුසාව

  • රෝගීන් වෙත දිව්‍යසත්ප්‍රසාද වහන්සේ ගෙනයාමේදි සත්ප්‍රසාද වහන්සේ බාහාලීමට භාවිතා කරයි සත්ප්‍රසාද වහන්සේ මෙහි බාහ සුදු රෙදි කඩකින් වසනු ලබයි
ශු. තෛල මංජුසා, pYX මංජුසාව
ශු. තෛල මංජුසා, pYX මංජුසාව

සැකසුම – බී එම් චතුරංග
තොරතුරු – අන්‍තර්ජාලය හරහා

මේ හා සම්බන්ධ වෙනත් ලිපි