දෙවිඳු වඳින දැහැමි දනට සැපත ලැබෙන්නේ
සැම දන හට සෙත සලසා අසිරි ලබන්නේ

සමිඳුන්ට ගරු කරන තැනැත්තා ප්‍රීතියෙන් පසුවන්නේය
සමිදුන්ගේ පණත් ඔහු සතුටින් පිළි ගන්නේය.

ඔහුගේ පුත්‍රයෝ ලෝකයේ බලවත් වන්නෝය.
හරි මග යන්නන්ගේ දරුවෝ ආශීර්වාද ලද්දෝය

වස්තු සම්පත් ඔහුගේ නිවසෙහි වන්නේය
ඔහුගේ දැහැමි බව සදහට පවතින්නේය

යහපත් අයහට ඔහු අඳුරේ දිස්වන ආලෝකයක් වන්නේය.
ඔහු ත්‍යාගවන්තය දයාවන්තය යහපත්ය.

පිතා පුත්‍රයා සහ ශුද්ධාත්මයාණන්ට
දැනුත් සදහටත් තුති ප්‍රශංසා වේවා

මේ හා සම්බන්ධ වෙනත් ලිපි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *