දයාවරණය යනු කුමක්ද? (Chasuble)

|
Chasuble

දයාවරණය (Chasuble) යනු ශුද්ධ වූ දිව්‍ය පූජාව පවත්වන විට පියතුමන්ලා විසින් පළඳිනු ලබන පූජනීය වස්ත්‍රයයි.

අර්ථය සහ සංකේතාත්මක අර්ථය

දයාවරණය ප්‍රේමය නියෝජනය කරන අතර පූජාසනය මත සිදු කරන සෑම දෙයක්ම ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමයෙන් කළ යුතු බව පියතුමන්ට මතක් කර දෙයි.

එය ක්‍රිස්තුස් වහන්සේගේ වියගහ සංකේතවත් කරයි, පියතුමා දෙවියන් වහන්සේට සහ ශුද්ධවු කතෝලික සභාවට නිහතමානීව හා කැපවීමෙන් සේවය කරන බව පෙන්වයි.

නිර්මාණය සහ වර්ණ

එය සාමාන්‍යයෙන් කුරුසියන්ගෙන් හෝ පූජනීය සංකේත වලින් අලංකාරව නිර්මාණය කර ඇත. ජන වන්දනාත්මක දින දර්ශනයට අනුව දයාවරණයේ වර්ණය වෙනස් වේ:

  • සුදු – ජේසුස් වහන්සේගේ, මරියතුමියගේ, සාන්තුවරයන්ගේ (ප්‍රාණ පරිත්‍යාගිකයන් නොවන) මංගල්‍යයන්, පාස්කු මංගල්‍යය, නත්තල් මංගල්‍යය.
  • රතු – ශුද්ධාත්මයාණන්ගේ මංගල්‍යය, ප්‍රාණ පරිත්‍යාගිකයින්
  • කොළ – සාමාන්‍ය සමය
  • දම් – ආගමන සමය සහ චතාරික සමය මෙන්ම අවමංගල්‍යය දිව්‍ය පුජා සහ මළවුන් සිහිකරන දිව්‍ය පුජා සදහා
  • රෝස – ආගමන සමයේ සතරවන ඉරිදා සහ චතාරික සමයේ සතරවන ඉරිදා
  • රන්වන් පැහැය – විශේෂ ගාම්භීර සැමරුම්

පියතුමාගේ අරමුණ

පියතුමා දිව්‍ය පූජාව සිදුකිරිම තුළ ක්‍රිස්තුස් වහන්සේව නියෝජනය කරන බව දයාවරණය ශුද්ධ වූ කතෝලික සභාවට මතක් කර දෙයි.

එය දිව්‍ය පූජාවේ ගාම්භීරත්වය සහ පූජනීයත්වය ඉස්මතු කරයි.

එය විවිධ ජන වන්දනාත්මක කාලයන් සහ මංගල්‍යයන් වෙන්කර හඳුනා ගැනීමට උපකාරී වන අතර, ඇදහිලිවන්තයන්ට දෘශ්‍යමය වශයෙන් උගන්වයි.

Community of Rosa Mystica – Sri Lanka WhatsApp චැනලය ඇසුරෙන්

මේ හා සම්බන්ධ වෙනත් ලිපි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *