සුවඳ සපිරි පිපෙන මලක් මම නෙලන්නෙ නෑ
මහද මිහිරි පුරන හදක් මම පෙලන්නේ නෑ
සමිඳ අසිරි නසන බවෙක් මම පතන්නේ නෑ
පැහැද කිහිරි නැගෙන කලෙක් මම පිදෙන්නේ නෑ

පුන ගැයුම :
ජීවිත පූජා පූජාසනේ //

දූලි මැදින වෙහෙස කඳුළ පියවි ජීවිතේ
කැපිලි පුරන දහස විපුල පියවි ජීවිතේ
ඉපිලි දුදන පහස සකල පියවි ජීවිතේ
විඳලි පිදෙන පසස ලකල පියවි ජීවිතේ

අධම කුරිරු පිරුවේ බලැති ලොවට වින කළෝ
මැවුම මියුරු නැසුවො හදැති ලොවට වින කළෝ
සුසුම වියරු සැදුවො නැගෙති ලොවට වින කළෝ
පැතුම සතුරු පැතුවො ගෙවති ලොවට වින කළෝ

මේ හා සම්බන්ධ වෙනත් ලිපි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *