127. රත්තරන් මුතු මැණික් ඔබහට
පුන ගැයුම:
රත්තරන් මුතු මැණික් ඔබහට
පුද කරන්නට අත නැතේ
ආදරය හා අපේ හොඳ හිත
බාර ගනු මැන සමිඳුනේ
ළමා අපගේ ජීවිතය හා
දැනුම ඉගෙනුම ඔබ අතේ
තබා අපි සැම තුරුළු වන්නෙමු
ඔබේ කරුණා හදවතේ
අපේ මවුපිය සොහොයුරන් හා
මිතුරු කැල හැම ඔබ සිතේ
තබා රැක ගෙන සතුට සොම්නස
දෙන්න සැමවිට දෙවිඳුනේ
