පංච තූර්ය වාද හඬ නගා
ජාතික නැටුමින් මඟ සරසා
නිල් මානෙල් දෝතට ගෙන
පිය මනිමුව පුදසුන වෙත
කිතු බැති දිවි දෙවිඳු පුදන්ටා
අපි අපවම දෙවිඳු පුදන්ටා

හෙළ බිම අප නිජබිමයි
දහමේ කෙත මෙම බිමයි
දෙවියන් මැවු මෙම බිමෙහි
පතුරමු දෙව් තෙද පෙම
දෙවි දරුකම ලැබු අප
පෙරමුණ ගෙන යමු සැම
ඇති හැකියාවන් යොදා
පතුරන්නට දෙව් පෙමා
සාදු ////// දී

දෙව් දහමෙන් පණ ලැබූ
දෙව් දහමට පණ පෙවූ
සැම සුරුවිරුවන්ම හා
දෙවියන් හා අප සැමා
කුරුසිය ගැළවුම මගෙහි
ගෙන යන්නට මනු සැම
අප තුළ නිති සිතැතිව
පසසමු පිය දෙව් තුම
සාදු ////// දී

මේ හා සම්බන්ධ වෙනත් ලිපි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *