සාන්ත නිකුලා මුනිතුමා

සාන්ත නිකුලා මුනිතුමා සහ දේවස්ථාන

|

මෙමෙ ලිපිය තුලින් අප කවුරුත් හොඳින් හඳුනන සාන්ත නිකුලා මුනිතුමා සහ දේවස්ථාන පිළිබඳ විස්තරයක් ගෙන එමු.

සාන්ත නිකුලා හෙවත් නිකුලස් මුනිදු දානශීලී හදවතකට උරුමකම් කී ගුණයහපත් කමින් හෙබියාවූ උතුමෙකි. එතුමාගේ නාමය වඩා සුපතල වන්නේ නත්තල් සීයා හෙවත් සැන්ටක්ලෝස් චරිතයද එතුමා ඇසුරින් බිහිවී ඇති නිසාය.

270 දී අතීත සුළු ආසියාවේ ලිසිය පෙදේසෙ උපන් මෙතුමා, තමන් සතුවූ ධනය අවශ්‍යතා ඇති අයට බෙදා දුන්, බොහෝ පෙළහර පාමින් දේව මහිමයට සාක්ෂි දැරූවෙකි. පසුකාලීනව සුළු ආසියාවේ මයිරා නම් වසමේ රදගුරු වරයා ලෙස පත්කරනු ලැබූ එතුමා කිතු වසින් 343 දෙසැම්බර් 06 දා සගසුව දිනූ බව කියැවේ.

එතුමා ජීවිත කාලය තුළ පෑ විවිධ පෙළහර නිසාම අංශ ගණනාවකම නාමසාන්තුවරයා ලෙස එතුමා බුහුමනට ලක් වේ. වෙසෙසින්ම දිළිඳු අසරණ අයට රහසින් කළ උදව් උපකාර නිසා පසුකාලීනව එතුමාගේ ශුද්ධවත් බව පසිදු විය.

එතුමා විසූ මයිරා පෙදෙස අද වනවිට අයත් වන්නේ තුර්කියටයි. එහි එතුමාගේ නමින් ඇති ඓතිහාසික දේවස්ථානය තුළ අතීතයේ එතුමාගේ දේහය තැන්පත් කර තිබූ සොහොනගැබ අදටද දැකිය හැකි අතර නවතම සොයාගැනීම් අනුව මුලින් මදක් වනගත ලෙන් සමූහයක් සහිත තැනක මිහිදන් කරන ලද එම දේහය පසුව මයිරා වෙත රැගෙනවිත් ඇති අතර පසුකාලීනව ඇතිවූ අරාබි ආක්‍රමණ හමුවෙ එහි වූ අස්ථි කොටස් ඉතාලියේ බාරි නුවරට ගෙනගොස් එහි සා. නිකුලා බැසිලිකාවේ තැන්පත් කොට ඇත.

මෙරටද ශු. නිකුලා මුනි බැතිය ඉතා ප්‍රකට වූවකි. විශේෂයෙන්ම බිළිඳු දරුවන් හා සබැඳි විවිධ වත්පිළිවෙත් නිකුලා මුනිවරයා හා සමග ඈදී ඇත. ඒ අනුව මෙරට එතුමාගේ නමට කැපකළ දේවස්ථාන කීපයක්ම දැකිය හැක.

1) බෝපිටිය
2) මුන්නක්කරය (මීගමුව)
3) දුම්මලදෙණිය
4) මිරුසුවිල්
5) නාවන්තුරෙයි
6) චෙන්කලඩි (එරාවූර්)
7) මීසලෙයි (යාපනය)

(මේ සමග ඇත්තේ ඉහත කී ඓතිහාසික මයිරා දේවස්ථානය,එහි සොහොන් ගැබ, මුල් සොහොන් ගැබ පිහිටි ලෙන් දේවස්ථානය, බාරි බැසිලිකාව හා මෙරට එතුමාගේ නමින් ඇති දේවස්ථාන වල සේයාරූ කීපයකි.)

සාන්ත නිකුලා මුනිතුමාගේ දේවස්ථානය - බෝපිටිය
සාන්ත නිකුලා මුනිතුමාගේ දේවස්ථානය – බෝපිටිය
සාන්ත නිකුලා මුනිතුමාගේ දේවස්ථානය - මුරුසුවිල්
සාන්ත නිකුලා මුනිතුමාගේ දේවස්ථානය – මුරුසුවිල්
සාන්ත නිකුලා මුනිතුමාගේ දේවස්ථානය - මුන්නක්කරය
සාන්ත නිකුලා මුනිතුමාගේ දේවස්ථානය – මුන්නක්කරය

මේ හා සම්බන්ධ වෙනත් ලිපි