22 ගයමු වයමු සමිඳු පසසලා
පුන ගැයුම :
ගයමු වයමු සමිඳු පසසලා – සවන පිනන තාල සදාලා
සමිඳු වඳිමු සැවොම එක්වෙලා – අරුත් සපිරි වදන් ගොතාලා
හිරුට එළිය දුන්නේ කවුරුදෝ ? (කවුරුදෝ)
සඳුගෙ සිසිල ලැබුනෙ කොහෙන්දෝ ? (කොහෙන්දෝ)
දහසක් තරු මැව්වෙ කවුරුදෝ ? (කවුරුදෝ )
මිනිස් ලොවද තැනුව දෙවිඳුනේ
දේදුන්නෙ පාට ගෑවෙ කවුරුදෝ ? (කවුරුදෝ)
මලට සුවඳ හැමුවෙ කොහෙන්දෝ ? (කොහෙන්දෝ)
කුරුළු ගීත ගෙතුවෙ කවුරුදෝ ? (කවුරුදෝ)
සොබා දහම මැව්ව දෙවිඳුනේ
කඳු ද හෙල් ද මැව්වෙ කවුරුදෝ (කවුරුදෝ)
දියැලි ගඟ සොයන්නේ කවුරුදෝ ? (කවුරුදෝ)
පිපුන නෙළුම සෙව්වෙ කවුරුදෝ ? (කවුරුදෝ)
සැවොම එක්ව වඳින දෙවිඳුනේ