කය දුෂ්කාර ප්‍රාර්ථනාව

|

සර්ව දයාබර වූ ජේසුනී . . .  පාපී වූ අපට දයා වෙනවා සොදේ.
දයා වෙනවා සොදේ ස්වාමි . . . දයා වෙනවා සොදේ

අප නීච මනුෂ්‍යයින්ට කරුණා කර. . . නීච මනුෂ්‍ය කය දරා,
පොළොවේ උපන්නේ,
මගේ දයාබර වූ ජේසුනී!

දයා වෙනවා සොදේ ස්වාමි . . . දයා වෙනවා සොදේ

ඉගැන්වූ ගෝලයා සදි කරමින් . . . ගැති වූ ජුදයෝ සතුරු වෙමින්,
දිව්‍ය කැමැත්තෙන් දුක් විඳින්න පැමිණුනේ,
මගේ දයාබර වූ ජේසුනී !

දයා වෙනවා සොදේ ස්වාමි . . . දයා වෙනවා සොදේ

අපරාධ අය මෙන් සිර වෙමින්  . . . ශ්‍රී හස්තවලෙහි බැමි ලවා ගනිමින්,
බැටළු පැටවෙකු මෙන් බිල්ලට වැඩියේ,
මගේ දයාබර වූ ජේසුනී !

දයා වෙනවා සොදේ ස්වාමි . . . දයා වෙනවා සොදේ

අණ​ඩු ගුරු සභාවට යටත් වෙමින් . . . බොරු සාක්ෂි වැරදි අසමින්,
දේව අපරාධකාරයා යයි කියන ලද්දේ,
මගේ දයාබර වූ ජේසුනී !

දයා වෙනවා සොදේ ස්වාමි . . . දයා වෙනවා සොදේ

ශ්‍රී වත මඬල පහර ගසමින් . . . ශ්‍රී නේත්‍ර රෙදි වසමින්,
වද පරුෂ කරන ලද්දේ,
මගේ දයාබර වූ ජේසුනී !

දයා වෙනවා සොදේ ස්වාමි . . . දයා වෙනවා සොදේ

පිලාත්තු රජුගේ නඩුවට පැමිණෙමින් . . . ගල් කණුවේ බැඳුම් කමින්,
ලේ සාගර කොට කස පහරවල් වින්දේ,
මගේ දයාබර වූ ජේසුනී !

දයා වෙනවා සොදේ ස්වාමි . . . දයා වෙනවා සොදේ

ශ්‍රී සිරසේ කටු ඔටුන්න දරා . . . රතු ජගලාත්තුව ඇඟ පොරවා,
කවට රජෙක් මෙන් වද පරුෂ කරන ලද්දේ,
මගේ දයාබර වූ ජේසුනී !

දයා වෙනවා සොදේ ස්වාමි . . . දයා වෙනවා සොදේ

බර වූ කුරුසේ කර තබමින් . . . උස් වූ කපාල සෙල් නගිමින්,
වසක් කේඩුවෙන් වැටුනේ,
මගේ දයාබර වූ ජේසුනී !

දයා වෙනවා සොදේ ස්වාමි . . . දයා වෙනවා සොදේ

ශ්‍රී මේල සළු ගලවා . . . සර්වාංග ලේ වණ පහදවා,
දිව්‍ය රූපගත නිර්වස්ත්‍රව වැඩ උන්නේ,
මගේ දයාබර වූ ජේසුනී !

දයා වෙනවා සොදේ ස්වාමි . . . දයා වෙනවා සොදේ

කුරුසයේ පිට බාවමින් . . . ශ්‍රී හස්ත පාද ඇණ ගසමින්,
සර්වාංග වදයෙන් සොරුන් මැද සිටුවන ලද්දේ,
මගේ දයාබර වූ ජේසුනී !

දයා වෙනවා සොදේ ස්වාමි . . . දයා වෙනවා සොදේ

කුරුසයේ ඉඳ උපදෙස් වදාරා . . . සතුරන්ට ක්ෂමා වී වදාරා,
සියල්ලන්ට දයා පෑ වදාළේ,
මගේ දයාබරවූ ජේසුනී !

දයා වෙනවා සොදේ ස්වාමි . . . දයා වෙනවා සොදේ

එතෙක් කොට සියළු සික්ෂා විඳලා . . . නිමක් නොකොට සියලු යහපත්කම් පාලා,
මරණාසන්න වුණේ,
මගේ දයාබර වූ ජේසුනී |

දයා වෙනවා සොදේ ස්වාමි . . . දයා වෙනවා සොදේ

දිව්‍ය මුහුණ කමල මැලවෙමින් . . . දිව්‍ය නේත්‍ර​ වසා හෙලමින්,
දිව්‍ය සිරස නමා වැටෙමින් උකුත්වුණේ,
මගේ දයාබර වූ ජේසුනී !

දයා වෙනවා සොදේ ස්වාමි . . . දයා වෙනවා සොදේ

මා නිසා මේ සියළු දුක් විඳ . . . මගේ පව් නිසා අච්චු විඳ,
මගේ ප්‍රාණය නිසා ප්‍රාණය දුන්නේ,
මගේ දයාබර වූ ජේසුනී !

දයා වෙනවා සොදේ ස්වාමි . . . දයා වෙනවා සොදේ

ඔබ කළ මේ සියලු උපකාර මම නොබලා . . . මා නිසා විඳපු දුක් සිහි නොකර,
ඔබට අනදර අපරාධ කෙළෙම් වේද . . . මට දයා වෙනවා සොඳේ.

දයා වෙනවා සොදේ ස්වාමි . . . දයා වෙනවා සොදේ

මෙබඳු අපරාධ කළ මගේ සිත දුකින් තැවී . . . මනස්ථාපයෙන් පැළී පොඩි වී,
ඇසින් කඳුළු ධාරා කොට අඬා ඉන්නා . . . මට දයා වෙනවා සොඳේ

දයා වෙනවා සොදේ ස්වාමි . . . දයා වෙනවා සොදේ

මගේ දුෂ්ඨකමුත් අලසකමුත් නොබලා . . .
ඔබගේ යහපත්කමත්, දයාබර කමත් බලා,

මට ක්ෂමා වෙනවා සොදේ ස්වාමි . . . ක්ෂමා වෙනවා සොඳේ.

අනදර දරුවයි මා නොබලා . . . දයාවන්ත පියාණොයි ඔබ බලා,
මගේ සියලු පව් මට ක්ෂමා වෙනවා සොඳේ ස්වාමි . . .
ක්ෂමා වෙනවා සොඳේ.

ඔබගේ කස පහරවල් හා කටු ඔටුන්න උදෙසා,
ක්ෂමා වෙනවා සොදේ ස්වාමි . . . ක්ෂමා වෙනවා සොඳේ.
ඔබගේ සර්වාංග වණවල් හා ලේ ධාරාවල් උදෙසා,
ක්ෂමා වෙනවා සොදේ ස්වාමි . . . ක්ෂමා වෙනවා සොඳේ.
ඔබගේ කුරුසය හා මරණය උදෙසා,
ක්ෂමා වෙනවා සොදේ ස්වාමි . . . ක්ෂමා වෙනවා සොඳේ.

ආමෙන්.

මේ හා සම්බන්ධ වෙනත් ලිපි