17 උපදිනවා හොඳ දවසක්

|

උපදිනවා හොඳ දවසක් – හමුවෙනවා සොඳුරු හදක්
පැවසෙනවා සුහද බසක් – බිහිවෙනවා කිතු පැතුමක්

පුන ගැයුම :
නෙතඟින් තොළඟින් කියුමෙන් කෙරුමෙන්
ලස්සන මැවුමට – ලස්සන දෙන්නට
අප හදවත් දෙනවා //

දෙවිඳු ගෙනා යහ තිළිණේ – ආදරයයි මිනිස් බවේ
මිනිස් බවේ සෙනෙහෙ ලබා – හොඳ දවසක් උපදිනවා

අවුල් බවින් එළියක් දී – රුවැති ලොවින් බිහිකරලා
දෙවිඳු රුවින් අපව සදා – හොඳ දවසක් උදාකළා

මේ හා සම්බන්ධ වෙනත් ලිපි