පුන ගැයුම:
සප්ත සයුරෙ අතර මංවූ
රුවල් බිඳුණු ජීවිත නව්කා
පා-වී පා-වී ඔබේ රුවන්
දිවයින වෙත ඇදී එන්න
පිහිට වනු මැනේ…
ජීවිත කඳු වැටියේ අතර මංවූ බැටළුවන් අපී
ඔබේ සිහිල් සෙවනැල්ලෙහි
ලැගුම් ගන්න දෙන්න ඉඩ පියේ
සමාවෙලා සමිඳේ ඔබෙ නොසිදෙන කරුණා ඇල්ලෙන්
අපේ නිසරු දිවි කතරට
අමා වතුර සලනු මැන පියේ