154. සමිඳු පුදට පඬුරු රැගෙන
පුන ගැයුම :
සමිඳු පුදට පඬුරු රැගෙන
පුදසුන වෙත පා නඟා
දොහොත් මුදුන් දී සදා
පුදමුව සමිඳා සැම දින බැතිනා
සඳුන් කොකුම් තුවරලා
පහන් වැටි ද දල්වලා
මලින් පලින් ගවසලා
පුදසුන සරසා පුදමුව හිමිපා
අපගෙ රට ද හිමි සඳේ
ජනතාව ද ඔබට වේ
හෙළ පොළොවේ උපන් දෑ
ඔබටම සමිඳේ පිදෙතිය නිබඳේ
අප සිතුවිලි සැම දිනේ
එකමුතුකම සමඟිනේ
අපගෙ වැඩ ද පඬුරු වේ
ඔබගෙ පුදසුනේ එක ලෙස සමිඳේ
පූපය ඔබෙ සිරුරටා
මිදියුෂ ඔබෙ රුහිරෙටා
හරවති ඔබ සමිඳුනේ
අප ද ඔබ වෙතේ හරවනු එලෙසේ