52. සමිඳේ ඔබ ඔබේ දෙසට සෙත සැලසූවෝ
සමිඳේ ඔබ ඔබේ දෙසට සෙත සැලසූවෝ
වහල් කමින් ජාකෝබුවන් ගලවා ගත්තෝ
ඔබෙ ජනතා කරපු වැරදි අමතක කෙරුවෝ
ඔවුන්ගේ පව් කම් හැම ඔබ වළැ ලා දැම්මෝ
පුන ගැයුම:
අනේ අපට පෙන්වනු ඔබෙ දයාව සමිඳේ
අපට ඔබේ ගැලවීමත් සලසා දෙන්නේ
තවද ඔබේ හිතවතුනට නොවක් සිතින් හා
එතුමන් වෙතැ හැරෙන්නනට සාමෙ ලැබෙන්නා
ඔබට බියැති අපට ඔබේ ගැලවුම ලං වේ
මෙ අප දෙසේ දෙව් මහිමේ ඇවිත් නතර වේ
දයාව හා හිතවත්කම එකතුවී සිටී
දැහැමියාව සමාදානෙ සිප වැළැද ගනී
හිතවත්කම පොළොවෙන් එයි මතුවැලා නැගී
දැහැමියාව, සුරලෝ සිටැ බලයි ගෙනැ නැමී
සමිඳේ අපට සෙත් ආසිරි වස්වා දෙන්නේ
නඟා දෙන්නැ අපේ බිමේ අස්වනු වැඩියේ
දැහැමියාව ගමන් කරයි එතුමනි දිරියේ
එතුමන් පියවර පස්සේ ගැලැවුම එන්නේ