pruthugisi samaye mariya thumiyata kapa kara thibu dewasthana

පෘතුගීසි සමයේ දී මරියෝත්තමාවන් නමට කැපකරන ලද මෙරට පැවති දේවස්ථාන

|

පෘතුගීසි සමයේ දී මරියෝත්තමාවන් නමට කැපකරන ලද මෙරට පැවති දේවස්ථාන පිලිබදව තොරතුරු මෙම ලිපිය මගින් ඔබ වෙත ගෙන ඒමට අදහස් කරමු.

පෘතුගීසි සමයේ දී ධර්මදූත කණ්ඩායම් කිහිපයක් යටතේ මරියෝත්තමාවන් නමට කැපකරන ලද දේවස්ථාන මෙරට පැවතුනි. ඒවා නම්,

  1. ප්‍රැන්සිස්කාන නිකායික ධර්මදුතවරුන් යටතේ පැවති දේවස්ථාන
  2. ජේසු නිකායික ධර්මදුතවරුන් යටතේ පැවති දේවස්ථාන
  3. අගුස්තීනු නිකායික ධර්මදුතවරුන් යටතේ පැවති දේවස්ථාන
  4. දොමිනිකාන නිකායික ධර්මදුතවරුන් යටතේ පැවති දේවස්ථාන

ප්‍රැන්සිස්කාන නිකායික ධර්මදුතවරුන් යටතේ පැවති දේවස්ථාන

  1. කොළඹ කොටුව – දේවමාතාවන් නමින් කැපකරන ලද දේවස්ථානය
  2. ඩෙල්ෆ්ට් – නිර්දෝෂ දේවමාතාවන් නමින් කැපකරන ලද දේවස්ථානය
  3. නිරුන්තිව් – සුභ ගමනේ අප ස්වාමිදු නමින් කැපකරන ලද දේවස්ථානය
  4. වෙලන්නායි – ආරෝග්‍ය දේවමාතාවන් නමින් කැපකරන ලද දේවස්ථානය
  5. මනිපායි – ප්‍රසුතියේ අප ස්වාමිදු නමින් කැපකරන ලද දේවස්ථානය
  6. යාපනය කොටුව – ප්‍රාතිහාර්යයේ අප ස්වාමිදුගේ සිද්ධස්ථානය
  7. නල්ලූර් – ගැලවීමේ අප ස්වාමිදු නමින් කැපකරන ලද දේවස්ථානය
  8. කෝපායි – ග්වදාලූපේ අප ස්වාමිදු නමින් කැපකරන ලද දේවස්ථානය
  9. පුට්ටුර් – විජයග්‍රහණයේ අප ස්වාමිදු නමින් කැපකරන ලද දේවස්ථානය
  10. කරවෙඩ්ඩි – දේවමාතාවන් නමින් කැපකරන ලද දේවස්ථානය
  11. පේදුරුතුඩුව – සුභ ගමනේ අප ස්වාමිදු නමින් කැපකරන ලද දේවස්ථානය
  12. නාවක්කුලී – වික්ෂෝප දේවමාතාවන් නමින් කැපකරන ලද දේවස්ථානය
  13. පුනරින් – නිර්දෝෂ දේවමාතාවන් නමින් කැපකරන ලද දේවස්ථානය
  14. ඉලාවුර් – නිර්දෝෂ දේවමාතාවන් නමින් කැපකරන ලද දේවස්ථානය
  15. මන්නාරම – දේවමාතාවන් නමින් කැපකරන ලද දේවස්ථානය
  16. මාන්තොට හෙවත් මාන්තෙයි – ආරෝග්‍යයේ අප ස්වාමිදු නමින් කැපකරන ලද දේවස්ථානය ( මෙහි තිබු ප්‍රතිමාව අද මරුද මඩු මෑණියන් ලෙස හදුන්වයි)
  17. නානාතන් – ගැලවීමේ අප ස්වාමිදු නමින් කැපකරන ලද දේවස්ථානය
  18. අරිප්පු – සුභ ගමනේ අප ස්වාමිදු නමින් කැපකරන ලද දේවස්ථානය
  19. මිගමුව ( කොටුව ) – දේවමාතාවන් නමින් කැපකරන ලද දේවස්ථානය
  20. බෝලවලාන – ගැලවීමේ අප ස්වාමිදු නමින් කැපකරන ලද දේවස්ථානය
  21. ල්ලෝලූව – ජේසු සමිදුන්ගේ පරිශුද්ධ මරියෝත්තමාවන් නමින් කැපකරන ලද දේවස්ථානය
  22. මහනුවර – ප්‍රථමයෙන් නිර්දෝෂ දේවමාතාවන් නමින් ද පසුව යහපත් ජේසු සමිදාණන් හෙවත් බොම් ජේසු නමින් කැපකරන ලද දේවස්ථානය
  23. මාපිටිගම – දේවමාතාවන් නමින් කැපකරන ලද දේවස්ථානය
  24. දොම්පේ – ස්වර්ගාරෝපිත රාජේශ්වරිය නමින් කැපකරන ලද දේවස්ථානය
  25. කෝට්ටේ රජවාසල තුළ – ප්‍රසුතියේ අප ස්වාමිදු නමින් කැපකරන ලද දේවස්ථානය
  26. වෙරළගල – දේවමාතාවන් නමින් කැපකරන ලද දේවස්ථානය
  27. විදීගම – ප්‍රාතිහාර්යයේ අප ස්වාමිදු නමින් කැපකරන ලද දේවස්ථානය
  28. උතුරු කළුතර – ආරෝග්‍ය දේවමාතාවන් නමින් කැපකරන ලද දේවස්ථානය
  29. උඩුවර – සුවිශේෂක ශු. ලූක් මුනිතුමන්ගේ දේවමාතාවන් නමින් කැපකරන ලද දේවස්ථානය
  30. කොස්ගොඩ – සුභ ගමනේ අප ස්වාමිදු නමින් කැපකරන ලද දේවස්ථානය
  31. වාද්දුව – ග්වාදලුපේ අප ස්වාමිදු නමින් කැපකරන ලද දේවස්ථානය
  32. ගාල්ල කොටුව – නිර්දෝෂ දේවමාතාවන් නමින් කැපකරන ලද දේවස්ථානය
  33. අහංගම – ගැලවීමේ අප ස්වාමිදු නමින් කැපකරන ලද දේවස්ථානය
  34. කොට්ටවත්ත – වික්ෂෝප දේවමාතාවන් නමින් කැපකරන ලද දේවස්ථානය
  35. මිරිස්ස – සුභ ගමනේ අප ස්වාමිදු නමින් කැපකරන ලද දේවස්ථානය
  36. මාතර – විජයග්‍රහණයේ අප ස්වාමිදු නමින් කැපකරන ලද දේවස්ථානය
  37. උරුරියර් – නිර්දෝෂ දේවමාතාවන් නමින් කැපකරන ලද දේවස්ථානය
  38. මාර්ටිකෝටා – ග්වාදලූපේ අප ස්වාමිදු නමින් කැපකරන ලද දේවස්ථානය

ජේසු නිකායික ධර්මදුතවරුන් යටතේ පැවති දේවස්ථාන

  1. කයිට්ස් – ගැලවීමේ අප ස්වාමිදු නමින් කැපකරන ලද දේවස්ථානයක් තිබුණි.
  2. තෙලියාඩි – සුරතාවයින්ගේ රාජේශ්වරිය නමින් කැපකරන ලද දේවස්ථානයක් තිබුණි.
  3. වඩ්ඩුකොඩ්ඩායි – ස්වර්ගාරෝපිත රාජේශ්වරිය නමින් කැපකරන ලද දේවස්ථානයක් තිබුණි. අද මෙය දකුණු ඉන්දීය සභාවේ යාපනයේ රදගුරුතුමන්ගේ ආසන දෙව්මැදුර ලෙස භාවිතා වේ. ලන්දේසි සමයේදී මෙය රෙපරමාදු දේවස්ථානයක් ලෙස පරිවර්තනය වූ අතර ඇතැම් ලන්දේසි කපිතාන්වරු මියගිය පසු මෙහි මිහිදන් කරන ලදී. තවමත් මෙහි එම සොහොන් දක්නට ලැඛෙන අතර , බ්‍රිතාන්‍යය යුගයේදී ඇමරිකානු ධර්මදුතවරුන්ට අයත් දේවස්ථානයක් විය. පසුව අද වන විට මෙය දකුණු ඉන්දීය සභාවේ යාපනයේ රදගුරුතුමන්ගේ ආසන දෙව්මැදුර ලෙස පරිවර්තනය වී ඇත. ඇතැම් ඉතිහාසඥයන් පවසන අන්දමට මෙය මුල් පෘතුගීසි දෙව්මැදුරේ ම ආකෘතියක් බව ප්‍රකාශ කරයි.
  4. පණ්ඩිතෙරෙප්පු – ගැලවීමේ අප ස්වාමිදු නමින් කැපකරන ලද දේවස්ථානයක් තිබුණි.
  5. තම්බාම්මා – උත්පත්ති දේවමාතාවන් නමින් කැපකර තිබුණි.
  6. පේසාලෙයි – සාර්ථකත්වයේ අප ස්වාමිදු නමින් කැපකර තිබුණි.
  7. කරිසාල් – වික්ෂෝප දේවමාතාවන් නමින් කැපකර තිබුණි.
  8. කල්පිටිය නගරය – ගැලවීමේ අප ස්වාමිදු නමින් කැපකර තිබුණි.
  9. නාවක්කාඩු – ස්වර්ගාරෝපිත රාජේශ්වරිය නමින් කැපකර තිබුණි.
  10. ත්‍රිකුණාමලය – දේවමාතාවන් නමින් කැපකර තිබුණි.
  11. මඩකලපුව ( තාන්ඩවන්වේලි ) – දේවමාතාවන් නමින් කැපකර තිබුණි. මේ දේවස්ථානයේ ස්ථාපිත පැවති ප්‍රතිමාව අදත් තාන්ඩවන්වේලි කානික්ක දේවමාතා දේවස්ථානයේ ස්ථාපිතව පවතී.
  12. ආනවිලූන්දාව – දේවමාතාවන් නමින් කැපකර තිබුණි.
  13. අර්සාඩ් – ස්වර්ගාරෝපිත රාජේශ්වරිය නමින් කැපකර තිබුණි.
  14. මාදම්පේ අද මට්ටකොටුව ප්‍රදේශය – ස්වර්ගාරෝපිත රාජේශ්වරිය නමින් කැපකර තිබුණි.
  15. මැටියගනේ – දේවමාතාවන් නමින් කැපකර තිබුණි.
  16. තියාවිල ( ඇටියාවල ) – දේවමාතාවන් නමින් කැපකර තිබුණි.
  17. මාකදුර – දේවමාතාවන් නමින් කැපකර තිබුණි.
  18. උඩුගම්පොළ – දේවමාතාවන් නමින් කැපකර තිබුණි.
  19. මැටියගම – ස්වර්ගාරෝපිත රාෙජ්ශ්වරිය නමින් කැපකර තිබුණි.
  20. ගාල්ල – දේවමාතාවන් නමින් කැපකර තිබුණි.

අගුස්තීනු නිකායික ධර්මදුතවරුන් යටතේ පැවති දේවස්ථාන

  1. රඹුක්කන – වරප්‍රසාදයේ අප ස්වාමිදු නමින් කැපකර තිබුණි.
  2. අත්තනගල්ල – සිංහලයන්ගේ අප ස්වාමිදු නමින් කැපකර තිබුණි.
  3. මන්දමාරවිට – වරප්‍රසාදයේ අප ස්වාමිදු නමින් කැපකර තිබුණි.
  4. පිටිගල්දෙණිය – ප්‍රීතියේ අප ස්වාමිදු නමින් කැපකර තිබුණි.
  5. මාපිටිගම – වරප්‍රසාදයේ අප ස්වාමිදු නමින් කැපකර තිබුණි.
  6. අම්පේ – පිහිටාධාරයේ අප ස්වාමිදු නමින් කැපකර තිබුණි.
  7. නාරහෙන්පිට – මිදීමේ අප ස්වාමිදුගේ සිද්ධස්ථානය.Nossa Senhora do Livramento පෘතුගීසි සමයේ පැවති සිද්ධස්ථාන හතරෙන් එකක් වන මෙම සිද්ධස්ථානය පිහිටියේ අද ජාවත්ත සුසාන භූමි පරිශ්‍රයේ ය. එහි වූ ළිද තවමත් දක්නට ඇත. එහි තිබු ඓතිහාසික ප්‍රතිමාව අදත් බම්බලපිටිය ශා. මරියා දෙව්මැදුරේ දක්නට ඇත. ඕලන්ද යුගයේදී කොළඹ කතෝලිකයන් සහ ජුසේ වාස් මුනිතුමන් ප්‍රමුඛ ගෝවේ ඔරතෝරියාන නිකායික පුජාප්‍රසාදීවරු දේවවන්දනාව සදහා එක් වූයේ මෙම ස්ථානයට වීම ද විශේෂත්වයකි.
  8. බෙන්තොට – ස්වර්ගාරෝපිත රාජේශ්වරිය නමින් කැපකර තිබුණි.
  9. දුනගහ – වරප්‍රසාදයේ අප ස්වාමිදු නමින් කැපකර තිබුණි.
  10. කොළඹ කොටුවෙන් දකුණු දෙසට වූ ප්‍රදේශයේ – ප්‍රාතිහාර්යයේ අප ස්වාමිදු නමින් කැපකර තිබුණි. මෙම දේවස්ථානය සදහා පෘතුගීසි බසින් Nossa Senhora do Millagrace නම් විය. මේ නිසාම ඒ මුළු ප්‍රදේශයම අදත් මේ නමින් එනම් ” මිලාගිරිය ” ලෙස හැදින්වේ. පෘතුගීසි සමයේදී මෙහි දේවස්ථානය තිබූ ස්ථානයේ අද ශු. පාවුළු අපෝස්තුළුතුමන් නමින් ලංකා සභාවට අයත් දේවස්ථානයක් ස්ථාපිතව පවතී.

දොමිනිකාන නිකායික ධර්මදුතවරුන් යටතේ පැවති දේවස්ථාන

  1. කොළඹ කොටුව – ජපමාලයේ අප ස්වාමිදු නමින් කැපකර තිබු තාපසාරාමය. මෙහි වූ ශිලා ලේඛනයක් අද කොළඹ කෞතුකාගාරයේ දක්නට ඇත.
  2. යාපනය කොටුව – ජපමාලයේ අප ස්වාමිදු නමින් කැපකර තිබු දේවස්ථානය
  3. මන්නාරම – ජපමාලයේ අප ස්වාමිදු නමින් කැපකර තිබු දේවස්ථානය
  4. ගාල්ල – ජපමාලයේ අප ස්වාමිදු නමින් කැපකර තිබු දේවස්ථානය
  5. ගාලූ කොටුවෙන් පිටත – දේවමාතාවන් නමින් කැපකර තිබු දේවස්ථානය

සෙසු දෙව්මැදුරු හෙවත් යැදුම් ගෘහයන් (Chapels)

  1. කොළඹ කොටුවේ තිබු පැවති පදවි පුජක නිවාසය – මෙම දේවස්ථානය කැපකරන ලද නාමයක් සදහන් නොවන අතර මෙය ලක්දිව විසු කොචින් රදගුරුතුමන්ගේ අනුනායක පුජාප්‍රසාදී තුමන්ගේ නිල නිවහන විය. අවස්ථා කීපයක කොචින් රදගුරු තුමන් ද ලක්දිවට පැමිණි කල එතුමන්ගේ නිල වාසස්ථානය වුයේ මේ ස්ථානය වේ.
  2. ත්‍රිකුණාමලය කොටුව – සුභ ගමනේ අප ස්වාමිදු නමින් කැපකර තිබු යැදුම් ගෘහය
  3. මඩකලපුව කොටුව – දේවමාතාවන් නමින් කැපකර තිබු යැදුම් ගෘහය
  4. කොළඹ කොටුවේ දයාවේ නිවාසය හෙවත් මිසරිකොර්දියා – දයාවේ අප ස්වාමිදු නමින් කැපකර තිබු යැදුම් ගෘහය

සටහන – අසේල දසනායක

මේ හා සම්බන්ධ වෙනත් ලිපි