පූජක නිල පළදනාව යනු කුමක්ද? (Stole)

|
Stole

පූජක නිල පළඳනාව (Stole) යනු දේව වන්දනාත්මක පිළිවෙත් සඳහා පැවිදි සේවකයින්, තේවාචාර්යවරයන්, පියතුමන්ලා සහ රදගුරුතුමන්ලා විසින් පළඳින දිගු, පටු රෙදි පටියක් වැනි පළදනාවකි.

මෙය ඔවුන්ගේ පැවිදි සහ දේව සේවයේ සහ අධිකාරි බලයේ සංකේතයකි.

පූජක නිල පළඳනාවේ තේරුම කුමක් ද?

පූජක නිල පළදනාව නියෝජනය කරන්නේ:

  1. අධිකාරි බලය සහ ධර්මදූත සේවය – දෙවියන් වහන්සේගේ ජනතාවට සේවය කිරීම සඳහා ශුද්ධ වූ කතෝලික සභාව විසින් දේව සේවකයන්ට පරිශුද්ධ වගකීමක් ලබා දී ඇති බව එයින් පෙන්නුම් කෙරේ.
  2. ⁠සේවය – පූජක නිල පළඳනාව පියතුමන් හෝ තේවාචාරය තුමන්ට මතක් කර දෙන්නේ ක්‍රිස්තුස් වහන්සේ සේවය කළ ආකාරයටම නිහතමානීව සේවය කිරීම ඔවුන්ගේ කාර්ය භාරය බවයි.
  3. ක්‍රිස්තුස් වහන්සේගේ වියගහ – එය “ක්‍රිස්තුස් වහන්සේගේ වියගහ” සංකේතවත් කරයි. එයින් අදහස් කරන්නේ පියතුමන් හෝ තේවාචාරවරුන් ක්‍රිස්තුස් වහන්සේගේ ධර්මදූත සේවාව විශ්වාසවන්තව ඉටු කිරීමට සූදානම් බවයි.

පූජක නිල පළඳනාව පැළඳ සිටින ආකාරය

  1. පියතුමෙකු විසින් – ගෙල වටා පැළඳ සිටින අතර, කෙළවර දෙකම ඉදිරියට වැටෙන ලෙස පළිඳිනු ලැබේ. සාමාන්‍යයෙන් ශුද්ධ වූ දිව්‍ය පූජාව අතරතුර දයාවරණයට යටින් එය පැළඳ සිටී.
  2. තේවාචාර්යතුමකු විසින් – වම් උරහිසට ඉහළින් පැළඳ සිටී. එය පපුව හරහා ගොස් දකුණු පැත්තට වැටෙන ලෙස පැළද සිටි. තේවාචාර්යතුමන්ගේ සේවකත්වය ඒමගින් පෙන්වයි.
  3. රදගුරුතුමෙකු විසින් – පූජකවරුන් මෙන් පැළඳ සිටි.

පූජක නිල පළඳනාව පළඳිනු ලබන්නේ කුමන අවස්තාවන් වලදි ද?

  • ශුද්ධ වූ දිව්‍ය පූජාව
  • ප්‍රසාද ස්නාපනය
  • පාපොච්චාරණය
  • පුජක සේවා වරම් දානය කිරීම යන වැනි අවස්ථාවන්හිදී බාවිතා කරයි.

Community of Rosa Mystica – Sri Lanka WhatsApp චැනලය ඇසුරෙන්

මේ හා සම්බන්ධ වෙනත් ලිපි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *