ලොවේ පහස ඔබ ලබනට මත්තෙන්
මව් කුසයේ ඔබ සිට්නා සමයේ
මම ඔබ තෝරා පත් කර ගත්තෙම්
මා දෙසනා දම් දහර දෙසන්නට

මා අණ කරනා සැම තැන යන්නට
මා අණ කරනා සැමදේ දෙසන්නට //
සැලෙනු එපා ය ගෙන හද පත්ලෙන්
මම ඔබ අත ගෙන එම් ඔබ සමගින්

දුබල වූවන් හට සැනසුම දෙන්නට
රෝගී වූ සැම දෙන සුවපත් කරනට //
දිරිගෙන ඉදිරි බලා එනු පුතුනේ
මම ඔබ අත ගෙන එම් ඔබ සමගින්

පැටලුනු දිව ඔබේ දිග හරවන්නට
සැලෙන හදවතේ දිරිය ගෙනෙන්නට //
මුළු ලොව හමුවේ නොසැලි සිටින්නට
මම ඔබ අත ගෙන එම් ඔබ අභියස

නෙත් අඳ අයගේ නෙත් පාදන්නට
වැසුනු සවන් යලිත් පාදා දෙන්නට //
දිළිඳුන් වෙත ගොස් දහම දෙසන්නට
මම ඔබ අත ගෙන එම් ඔබ සමඟින්

මේ හා සම්බන්ධ වෙනත් ලිපි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *