13 කොඩිවැල් නංවා

|

කොඩිවැල් නංවා – මල් දම් රන්දා – ඔබ මග සරසාලා
රන් දද බඳවා – රන් පටි ලෙලවා – මංගල සිරි මවලා

පැතුම් ගොඩක් පිරිලා – යැඳුම් ගොඩක් යැදලා //
සමිඳු පුදන්නට දෙවිඳු යදින්නට – පුදසුන වෙත ඇදිලා //

වීනා වයලා – රබන් ගසාලා තුති බැති ගී ගයලා
නැටුම් නටාලා – ගැයුම් ගයාලා – මංගල සිරි මවලා

පහන් දල්වලා – හඳුන් සුවඳලා – පුදසුන ඔප කරලා
මලින් සරසලා – පාවඩ එලලා – මංගල සිරි මවලා

සතුට ඇල්ලා – දුක පහවීලා – සිනහාව මුව රඳිලා
බේද දුරැරලා – එක්සත් වීලා – මංගල සිරි මවලා

දෙගුරුන් කැන්දා – සොයුරන් කැන්දා – එක පවුලක් වේලා
සැම දෙන කැන්දා – එකමුතු වීලා – මංගල සිරි මවලා

මේ හා සම්බන්ධ වෙනත් ලිපි