භාග්‍ය අට හෙවත් මංගල වාක්‍ය
කන්ද උඩ දේශනාවේ දී ජේසුස් වහන්සේ වදාළ ප්‍රධාන ඉගැන්වීමක් වූයේ භාග්‍ය අටයි. භාග්‍ය අට තුළින් මතු කර ගත හැකි සාරධර්ම පහත පරිදි පෙළ ගැස්විය හැකි ය.
“බැගෑ සිතින් දෙව් සරණ පතන්නෝ භාග්‍යවන්තයෝ ය ; ස්වර්ග රාජ්‍යය ඔවුන්ගේ ය.”
- දිළිඳුකම අගය කරන්න.
- පළමු කොට දෙවියන් වහන්සේගේ රාජ්‍යය ද ධර්මිෂ්ඨකම ද සොයන්න.
“ශෝක වන්නෝ භාග්‍යවන්තයෝ ය; ඔවුහූ සැනසීම ලබන්නෝ ය.”
- ජේසුස් වහන්සේ මානව විමුක්තිය උදා කළේ දුක් වේදනා මගින් බව සිතන්න.
- අන් අයගේ දුක, වේදනාවට , ශෝකයට පංගුකාරයන් වන්න.
“නිහතමානී ගුණ ඇත්තෝ භාග්‍යවන්තයෝ ය; ඔවුහූ දේශය උරුම කර ගන්නෝ ය.”
- දෙවියන් ඉදිරියෙහිත් . අන්‍යයන් ඉදිරියෙහිත් , තමා ඉදිරියෙහිත් තම තත්ත්වය අවබෝධ කර ගෙන එය පිළිගැනීම.
- තම හැකියාවන් තමා සඳහා නොව අන් අයගේ යහපත සඳහා යොදන්න.
“යුක්තියට සා පිපාසා ඇත්තෝ භාග්‍යවන්තයෝ ය; ඔවුහූ තෘප්තිමත් වන්නෝ ය.”
- යුක්තිය සහ සාරධර්ම වෙනුවෙන් ජීවත් වන්න.
- අයුක්තිය අසාධාරණයට විරුද්ධව නැගී සිටින්න.
“දයාවන්තයෝ භාග්‍යවන්තයෝ ය; ඔවුහූ දයාව ලබන්නෝ ය.”
- උපකාරයක් ඉල්ලීමට පෙර එම පුද්ගලයාට එම උපකාරය ලබා දෙන්න.
- වගකීම් ඉටු කිරීමට අමතරව තවත් වැඩිපුර සේවයක් කරන්න.
“නිර්මල සිත් ඇත්තෝ භාග්‍යවන්තයෝ ය; ඔවුහූ දෙවියන් වහන්සේ දකින්නෝ ය.”
- කිසි විටෙකත් කිසිවෙකු වරදට පෙළඹවීමෙන් වළකින්න.
- සිත දූෂ්‍ය වන දේ නොඅසන්න , නොබලන්න , නොකියවන්න.
“සාමය ඇති කරන්නෝ භාග්‍යවන්තයෝ ය; ඔවුහූ දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ ය යි කියනු ලබන්නෝ ය.”
- සැම විට ම සන්සුන්ව සිටින්න.
- යුක්තියට, සත්‍යයට, සාධාරණත්වයට හිස නමන්න.
“යුක්තියට උදෙසා පීඩා විඳින්නෝ භාග්‍යවන්තයෝ ය; ස්වර්ග රාජ්‍යය ඔවුන්ගේ ය.”
- කිතුනු ජීවිතය, යහපත හා අයහපත අතර ඇතිවන සටනක් බව සිතන්න.
- සත්‍යවාදී වන්න.