අති උතුම් ජෝශප් මරියා බ්‍රාවි (සා.බෙ.නි.) හිමිපාණන්
මෙම ලිපිය තුලින් ඔබට අති උතුම් ජෝශප් මරියා බ්‍රාවි (සා.බෙ.නි.) හිමිපාණන් පිළිබඳව විස්තරයක් ඔබ වෙත ගෙන එමු.
සිරිලක් කිතුනු ඉතිහාසයේ කඩඉමක් සනිටුහන් කරමින් මීට වසර 175 කට පෙර 1945 දී සිල්වෙස්ත්‍රෝ බෙනදිකාන තාපසවරුන්ගේ ආගමනය සිදුවිය.
ලන්දේසි පීඩන අවධිය නිමාවී තිබූ එවක ඉන්දීය ඔරතෝරියානු පූජකවරුන් ගේ සේවයේද අඩුපාඩු වූයෙන් නැවත වරක් යුරෝපීය ධර්මදූතයින් මෙරටට එවීමට සභාව පියවර ගෙන තිබිණි.
එහි ප්‍රතිඵලයක් ලෙස සිල්වෙස්ත්‍රෝ බෙනදිකාන තාපස නිකාය (OSB) ඊට ඉදිරිපත් වූ අතර උගත් තරුණ තාපසතුමෙක් වූ දොම් ජෝශප් මරියා බ්‍රාවි පියතුමා එහි පුරෝගාමියා ලෙස මෙරට බලා ඒමට නැව්නැංගේය.
1813 දී මධ්‍යම ඉතාලියේ මොන්තේ සාන්තෝහී උපන් එතුමා 1831දී වේදභාර ගත් අතර 1836දී පූජකවරය ලබා ඔසීමෝ හී දේවධර්මය ඉගැන්වීමේ නිරතව සිටියදී ස්වකැමැත්තෙන්ම මෙරට සේවය වෙනුවෙන් ඉදිරිපත් වූයේ ය.
1845 අගෝස්තු 14 දා එතුමා මෙරටට පැමිණි අතර කෙටිකලක් මීගමුවේ සේවය කිරීමෙන් පසුව පිටකොටුව සා.පිලිප් නේරි දෙව්මැදුරේ සේවයට එක්විය.
1849 දී දකුණු විකාරි වසමේ යුව අපෝස්තලික අනුනායක ලෙස පත්කරන ලද එතුමා ටිපසාහී නාමධාරි රදගුරු තුමන් ලෙස (Titular Bishop of Tipasa) 1850 දී අබිසෙස් ලබා 1857 දී කොළඹ අනු පදවියේ නායකයා (Vicar Apostlic of Colombo ) ලෙස පත්ව කොටහේන සා.ලුසියා ආසන දෙවමැදුරේ නැවතිණි.
අද පිටකොටුව නගර මධ්‍යයේ විරාජමාන සා.පිලිප් නේරි දෙව්මැදුර සදහා සැලසුම් සකසා මුල්ගල් තැබුවේ එතුමාය.
එතුමා රෝගී වූයෙන් පෙරළා ඉතාලිය බලා යන ගමන අතරතුර 1860 අගෝස්තු 15 දා රතු මුහුදේ දී ස්වර්ගස්ථ වූ අතර දේහය සුවස් හී මිහිදන් කර ඉන් මාස 14 කට පසුව අස්ථි කොටස් කොළඹට රැගෙන විත් පිටකොටුව දෙව්මැදුර තුළ තැන්පත් කෙරිණි.
බ්රාවී නාමය මෙරට සභා ඉතිහාසයේ නොමැකෙන ලෙස සටහන් වන්නේ එතුමා මෙරට දහම් කෙත අස්වැද්දූ මහා කෙතක මූල බීජය ලෙස ඉටුකළ පුරෝගාමි මෙහෙවර නිසාය.
සිල්වෙස්ත්‍රෝ බෙනදිකාන තවුසෝ මේ වසරේදී තමන් ලක්දිවට සැපත්වීමේ 175 වන සමරුව පැවැත්වූහ.