japamala rajeshwariyage dewasthana

සිරිලක ශුද්ධවු ජපමාල රාජේශ්වරියට කැපකළ පුදබිම්

|

උදාවී ඇති ඔක්තෝබරය කතෝලික ලෝකය හදුනා ගන්නේ ජපමාල මාසය ලෙසිනි. ඒ අනුව ඔක්තෝබර් මාසය පුරාවට ජපමාල බැතිය කෙරෙහි වෙසෙස් අවධානයක් දෙන අතරම ජපමාලයේ අප ස්වාමිදූ වන දේවමාතාවන් වහන්සේ වෙතද සුවිශේෂී භක්තියක් පිදේ.

ජපමාල රාජේශ්වරියගේ මංගල්‍යය යෙදෙන්නේ ඔක්තෝබර් 07 වනදිනටය. ඒ 1571 දී ලද ජයග්‍රහණයක් මුල්කරගෙන ස්ථාපිත කරන ලද මංගල්‍යයක් ලෙසය.

වර්තමානයේදී ජපමාල රාජේශ්වරියගේ නමට කැපකළ දේවස්ථාන රාශියක් මෙරට රදගුරු පදවි සියල්ලේම දැකිය හැක. ඊට ගාල්ල හා බදුල්ල රදගුරු වසම් දෙකෙහි ආසන දෙව්මැදුරුද ඇතුළත් වේ.

1) කොළඹ අගරදගුරු වසම –

  • ගල්වැටිය (වත්තල), දෙහියාගාත (ජාඇළ), වැලිකන්න, කොම්පඤ්ඤ වීදිය, අරුග්ගොඩ (පානදුර), අලුත්ගම, කුඩාපාඩුව (වැල්ලවීදිය), බඩල්ගම , ආඬිඅම්බලම, මීරිගම

2) ගාලු පදවිය – ගාල්ල කළුවැල්ල ආසන දෙව්මැදුර

3) බදුලු පදවිය – බදුල්ල ආසන දෙව්මැදුර

4) යාපනය පදවිය

  • උඩුවිල්, කොළොම්පුතුරෙයි, සින්නමඩු (පුලියන්කූඩල්), වලියන්මඩම්, ඉරණායිමාතා නගර්, පලාලි, තීක්කම්, පණ්ඩිතෙරුප්පු, චුන්නාකම් , මේසලෙයි, මූලයි (සිල්ලාලේ), අල්ලාතායි, පසයියූර් (කොයියතෝඩම්) , මාතා නගර් (මුලන්කාවිල්), වලියන්මඩන් (ඉරණපලෙයි) ඉරණතිවු

5) මහනුවර පදවිය

  • රාගල , බොගවන්තලාව, මහයියාව, මහවෙල (වහකෝට්ටේ), ලෙඩ්බෲක් වත්ත (මස්කෙළිය), මඩුල්කැලේ (මාතලේ)

6) ත්‍රිකුණාමලය පදවිය – කුච්චවේලි, කුඹුරුපිට්ටි වෙරළ (නිලාවේලි)

7) මඩකලපුව පදවිය

  • පෙරිය පුල්ලුමලේ, කදිරවේලි , අම්බිනාන්තුරෙයි (තේතතිවු), ගාන්ධි ග්‍රාමම් (ඉරුදපුරම්), පෙරියකල්ලාරු

8) හලාවත පදවිය

  • බණ්ඩිරිප්පුව, බණ්ඩාරවත්ත , මාම්පුරිය, අඟුණවිල, කුමාරකට්ටුව, කොට්ටුකච්චි, කරුක්කුමඩුව, මට්ටාකොටුව වෙරළ (කුඩාමඩු වැල්ල)

9) කුරුණෑගල පදවිය

  • වල්පිටගම, වෑඋඩ, තඹගල්ල, කඩිගාව, කොස්හේන

10) මන්නාරම පදවිය

  • පලයාඩිපුතුකුලම් , මනල්මොඩෙයි, පිච්චයිකුලම්, පෙරියනීලසනෙයි, මලුවරායන්, මෙන්ඩිස්ෆාම්

11) අනුරාධපුර පදවිය – පලුගස්දමන

12) රත්නපුර පදවිය – යටියන්තොට , හේවාදිවෙල

මාධව ජයකොඩි

මේ හා සම්බන්ධ වෙනත් ලිපි